මුත්තුසාමිගේ වැඩිමහල් පුතා
බර මිටියක් අතැතිව සිටියා,
කොටුව කොච්චිකඩේ දී
හඳුනාගෙන ලඟට ගියෙමි,
ලැජ්ජාවට පත් වී මුහුණ හකුළා ගත්තා.. ඔහු මා දැක
අනේ…
මේකයි ඔහුගේ කතාව….
මහන්සි වුන තරමට මුදල් ඉල්ලා,
අයිතීන් ඉල්ලා, ඉන් බැට කා
දැන් ඔහු මහ පාරටම වැටී ඇත .
ඒ බව ඔහුගේ
බැල්මෙන්ම , මට වැටහේ
ගමේ සිටියදී ,
වැටුපට වැඩ කරන කම්කරුවෙකු බව පැවසු ඔහු
අද කිසිඳු කතා බහක් නොමැතිව ගොළු වී සිටියි.
මහත්ම, මහත්මියණි
මොහුගේ කතාව ඇසුවොත් කළු වන් ඇස් ඇරී
කඳුළු වැගිරෙනු ඇත……
පහළොස්වියෙදී, මොහු පොත පතට ලැදිව සිටි දරුවෙකි ,
අද ඔහු දූවිලි තුලටම වැළලී ගිහින්….
අම්මා කතා කොට
කෑවද මගේ පැටියෝ කියා අසන විට
කිසිඳු පැකිලීමකින් තොරව ඔහු
ඉතා රසවත් ආහාරයක් කෑ බවට බොරු කියා ඇත
.නමුත් කව්රුන් නම් දනීද
ලුණු රසක්වත් නොමැතිව
ලැබෙන දේ කා බඩගින්න නිවා ගන්නා
මොහුගේ කතාව……
කොළඹට ගියොත් තමන්ගේම කියා මාලිගාවක් තනාගන්නයි සිහිනය .
නමුත් ඒ සිහිනය මිත්‍යාවක් නේද ?
ගමේ පාසලේ දක්ෂයන් වූ බොහොමයක් දරු දැරියන්
කොළඹ ඇවිත් ගෙවන කටුක දිවිය ගැන දන්නේ කව්ද ?
අද කොච්චිකඩේ වීදියේ දහඩිය හෙළා කොත්තු රොටි දාන්නේ ,
ගාලු මුවදොර පිට්ටනියේ කෑ ගසා කඩල විකුණනන්නේ
,පොත් පත් ඉසිලූ කරපිටෙන් අද පිට කොටුවේ බඩු මිටි ඔසවන්නේ …
අපගේම දරුවන්ය ….
ඒ සියල්ලෝම එක් කුසේ නුපන් මුත් අපගේම ලේ ඥාතීන්ය
අපගේ දරු දැරියන් අධ්‍යාපනය ඇතහැර
කොළඹට ඇදෙන මෙම පටු කවය අප වැසිය යුතුමය.
මේ ළාබාල,දරු දැරියන් අවදියෙන් ජීවත් විය යුතුයි.
මුත්තු සාමිගේ වැඩිමහල් පුතා,
වියළි ගියපු අත්,
අඳුරු වුණු ජීවිතය,
නිමේශයකට මාව කම්පා කර වූවා

