Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHSආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHSආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ

-

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය බිහි කළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 5,000කට අධික වේ.

පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා රට පුරා ඇති ඉල්ලුම සැපිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරන IIHS ආයතනයෙන් මෙවර උපාධි ලැබූ පිරිස අතරට රජයේ හෙද නිලධාරීහු 400කට වැඩි පිරිසක්ද ඇතුළත් වූහ. එම ආයතනයෙන් අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ 500කට වැඩි පිරිසක් මේ වන විට විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වෙති.

දකුණු ආසියානු කළාපය සඳහා වන Coventry University අධ්‍යයන මධ්‍යස්ථානය වන්නේද IIHS ආයතනයයි. එම විශ්ව විද්‍යාලය පිරිනමන උපාධි සම්පූර්ණ කළ 200කට වැඩි පිරිසකටද සහතික පත්‍ර පිරිනැමිණි. ශාස්ත්‍රීය දැනුමෙන් පරිපූර්ණ, ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්‍රමිතිවලට අනුගත වන වෘත්තිකයන් බිහි කිරීම අරමුණු කර ගත් IIHS ආයතනය පිරිනමන අධ්‍යාපන පාඨමාලා සියල්ල ප්‍රමිතියෙන් ඉහළය. Coventry University වැඩසටහන් හරහා සපයන විශේෂ පුහුණුව කාර්යක්ෂම සහ කරුණාවන්ත හෙද වෘත්තිකයන් බිහි කිරීමට හේතු වේ.

මෙරට හෙද ක්ෂේත්‍රයට අදාළ ශාස්ත්‍රපති උපාධි සම්පූර්ණ කළ වැඩිම පිරිසට අදාළ සහතික පත්‍ර ප්‍රදානයද මෙහිදී සිදු විය. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ එම සිසුන් IIHS ආයතනයේ දැක්ම අනුව යමින් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට දායක වනු ඇත.

මහාචාර්ය අසිත ද සිල්වා උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් බින් ට්‍යුමින්, සම මහාචාර්ය ග්ලෙන්ඩා වයිටින්, ඇනා-කයිසා පාටනන්, ලිලී රිස්ටෙවිටා සහ ජාර්මෝ පාම් ඇතුළු ජාත්‍යන්තරය නියෝජනය කරන ආරාධිතයෝ විශාල පිරිසක්ද ඊට සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගිත්වය තුළින් IIHS ආයතනය ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සමඟ ඇති කර ගෙන ඇති ශක්තිමත් සම්බන්ධතා පිළිබිඹු වේ. IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය ගෝලීය සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් කිරීමට ඔවුන් සතු කැපවීම යළි තහවුරු කිරීමකි.

16 වැනි උපාධි ප්‍රදානෝත්සවය පිළිබඳව IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසුවේය. “IIHS ආයතනයේ හෙද අධ්‍යාපනය ලබන සිසුන්ට High-Fidelity Simulation Labs සහ XR Hub වැනි නවීන පහසුකම් සමඟ පොතපතට පමණක් සීමා නොවූ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් ලබන්න හැකියාව තිබෙනවා. වෘත්තීය විද්‍යාවේදී උපාධි පිරිනැමීම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්ථවත් වෙනසක් සිදු කළ හැකි වෘත්තිකයන් පිරිසක් ගොඩ නගන්න හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බවට පත් වන ඔබ සියලු දෙනාට අප හදවතින්ම සුබ පතනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular