Sunday, October 26, 2025
Homeපුවත්ආර්ථිකණය අර්බුදය විසඳන්න,විනිවිදභාවය අත්‍යාවශ්‍යයි - IMF

ණය අර්බුදය විසඳන්න,විනිවිදභාවය අත්‍යාවශ්‍යයි – IMF

-

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව පසුවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණයහිමි ප්‍රධාන රටවල්වල සහභාගිත්වයත් කඩිනමින් සිදුවනු ඇති බවත් අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි යෝජනාවලට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේත් දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

කොටසක් පමණක් නොව ණය අර්බුදය සම්බන්ධයෙන් සම්පූර්ණ ගැටලුවම දැකීමට අවශ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා පවසනවා. එබැවින් සැබෑ තොරතුරු අත්‍යවශ්‍ය බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

ණයහිමියන් සියලු දෙනාටම එක හා සමාන ප්‍රතිපත්තියකින් සැලකීම අවශ්‍ය බවත්, සියලු ණයහිමියන් එක් කරන සංවිධානාත්මක සැලැස්මක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වාදී තිබෙනවා.

ණයහිමියන් සමඟ මෙන්ම සෙසු සංවිධාන සමඟ සමාන අයුරින් කටයුතු කිරීම, අදාල රටවල දේශපාලන අභිලාශය මත තීරණය වනු ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා ප්‍රකාශ කර ඇත්තේ. ඉන් අනතුරුව සෑම පාර්ශවයකටම යෝග්‍ය තීරණයකට එළඹිය හැකි බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular