Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකබෙහෙත් ගන්න රජයට සල්ලි නැහැ !

බෙහෙත් ගන්න රජයට සල්ලි නැහැ !

-

ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවට ඊයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති, ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ හදිසි මිලදී ගැනීම් හරහා හෝ රටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.
පවතින තත්ත්වය මත රට තුළ ඇති ඖෂධ හිඟය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. එබැවින් රෝගාබාධවලට ගොදුරු නොවී හැකිතාක් පරිස්සම්වීම මේ මොහොතේ කළ හැකි හොඳම කාර්්‍යය බව ඖෂධවේදී කපිල ද සොයිසා වැඩිදුරටත් සඳහන් කළා,
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ ඖෂධ ඇණවුම් කිරීමේදී මාසයක ඇණවුම වෙනුවට මාස 03 ක ඇණවුම් එකවර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඉන්දීය ණය ආධාර වැඩසටහන උපරිම අයුරින් භාවිත කර ඖෂධ මිලදී ගැනීමට අදාළ කටයුතු ලබන මස මැද වන විට අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ. ඉන්දිය ණය ආධාර වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමට පෞද්ගලික අංශය වෙත වෙන් කර ඇති මුදල මිලියන 50 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular