Wednesday, April 15, 2026
Homeපුවත්ආර්ථිකණය අර්බුදය විසඳන්න,විනිවිදභාවය අත්‍යාවශ්‍යයි - IMF

ණය අර්බුදය විසඳන්න,විනිවිදභාවය අත්‍යාවශ්‍යයි – IMF

-

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව පසුවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණයහිමි ප්‍රධාන රටවල්වල සහභාගිත්වයත් කඩිනමින් සිදුවනු ඇති බවත් අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි යෝජනාවලට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේත් දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

කොටසක් පමණක් නොව ණය අර්බුදය සම්බන්ධයෙන් සම්පූර්ණ ගැටලුවම දැකීමට අවශ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා පවසනවා. එබැවින් සැබෑ තොරතුරු අත්‍යවශ්‍ය බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

ණයහිමියන් සියලු දෙනාටම එක හා සමාන ප්‍රතිපත්තියකින් සැලකීම අවශ්‍ය බවත්, සියලු ණයහිමියන් එක් කරන සංවිධානාත්මක සැලැස්මක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වාදී තිබෙනවා.

ණයහිමියන් සමඟ මෙන්ම සෙසු සංවිධාන සමඟ සමාන අයුරින් කටයුතු කිරීම, අදාල රටවල දේශපාලන අභිලාශය මත තීරණය වනු ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා ප්‍රකාශ කර ඇත්තේ. ඉන් අනතුරුව සෑම පාර්ශවයකටම යෝග්‍ය තීරණයකට එළඹිය හැකි බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Deen Brothers Imports සමාගමට Entrepreneur of the Year රන් සම්මාන දෙකක්

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උලෙළේදී සම්මාන...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular