අර්බුද රැසකට මැදිව කල් ගෙවන මෙවැනි මොහොතක ලෝකයේ කොහේ හෝ තැනක ලංකාවේ නම තියන්නට
සමත් වන්නට යමෙකුට හැකි වන්නේ නම් එය මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවටම ආඩම්බරයට, සැනසිල්ලට කරුණකි. මේ එවැනි ජයග්‍රහණයක් සනිටුහන් කෙරූ පුද්ගලයෙකි. ඒ ලෝකයම පිළිගත් ස්වභාවික කායවර්ධන සංවිධානයක් වන අයි/සී/එන් (ICN New Zealand | New Zealand’s Premier Natural, Drug Tested Feder සංවිධානයෙන් නවසීලන්තයේ දී පදක්කම්ලාභී ප්‍රථම සහ එකම ලාංකිකයා වන්නේ ඔහුයි. ඔහු දිනාගත්තේ
🥇GOLD- 1st Place Men’s Fitness Novice
🥇GOLD- 1st Place Men’s fitness Open
🥉BRONZE- 3rd Place Men’s Physique 30+
සහ
National Men’s Fitness Model Overall Championship TROPHY 2022 යන පදක්කම් ය.
පදක්කම් දිනූ මොහොතේ ඔහු News Asia වෙත මෙසේ අදහස් දැක්වූයේ ය.
” ඕනෑම ක්‍රීඩාවක ජාතික තරගයක,ජාතික ශූරතාවක් දිනා ගැනීම හැම ක්රීඩකයෙක්ගෙම තියෙන ලොකු සිහිනයක් සහ බලාපොරොත්තුවක්. නවසීලන්තය වගේ රටක කායවර්ධන ක්‍රීඩාවෙන් ජාතික තරගයක,ජාතික ශූරතාවක් දිනාගැනීම ශ්‍රී ලාන්කිකයෙකු වන මට සිහිනයකටත් එහා ගිය අති විශාල අභියෝගක්. ඒ අභියෝග සියල්ල ඉතා අසීරුවෙන් ජයගෙන කෙටි කාලයක් තුල, නවසීලන්තයේ 2022 අයි/සී/එන් ජාතික කායවර්ධන ශූරතාවලියේ “පිරිමි ෆිට්නස් මොඩල්” සමස්ත ශූරතාවය දිනාගෙන, 2022 වසරේ නවසීලන්තයේ ජාතික ශූරයාවීම වීම තවමත් මට අදහාගත නොහැකි සිහිනයක්.
ඒ සිහිනයක් ලෙසින්ම මිය යාමට තිබූ සිහිනය, දැඩි කැපවීම, අධිෂ්ඨානය තමන් ගැන තැබූ විශ්වාසය, උත්සාහය නිසා දැන් සැබෑවක් වී අවසන්. සිහින මැවීම සාමාන්‍ය දෙයක් නමුත් ඒ සිහින සැබෑ කර ගැනීමට වැඩ කිරීම තමන්ටම ඇති ලොකු වගකීමක්. වෙන කිසිවෙකුත් ඔබ වෙනුවෙන් වැඩකර දීමට බැදී නොමැත සහ කරදෙන්නේ නැත.ඔබේ ජය හෝ පරාජයේ තීරකයා ඔබයි. හීන වලට පණ දෙන්න ඔබට පුලුවන්”

