Sunday, January 11, 2026
Homeරූ රටාපැය 6 කින් මිලියන 3ක් වශී කරගත් යොහානි.

පැය 6 කින් මිලියන 3ක් වශී කරගත් යොහානි.

-

 ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයේ අන්තර්ගතව ඇති මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදනය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමග එම ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කර පැය 6 ක් ඇතුළත නැරඹුම් වාර මිලියන 3 ඉක්මවා ගොස් තිබුණි.

 එම ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රකට බොලිවුඩ් නළු නිළියන් වන අජේ දෙව්ගන්, නෝරා පටේහි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රායි. ගායනයෙන් යොහානි, ජුබිලින් නව්ටියාල් සහ සූර්යා රඝුනාතන් එක්ව ඇති අතර, සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ තනිෂ්ක් බක්ෂි සහ චමත් සංගීත් විසින්.

යොහානි ඇයට ලැබුණු අවස්ථාව පිළිබඳ මෙසේ අදහස් දැක්වීය. ‘‘මේ ගීතය සාර්ථක කර ගන්න මගේ කළමනාකරු ගොඩක් මහන්සි වුණා. මුලින්ම ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ පැතිර යනකොට ඔහු ලේබල් සහ කළමනාකරණ ආයතන කීපයක් එක්ක කතාබහ ආරම්භ කරලා තිබුණේ. ඒ අනුව මුලින්ම අපි Zee Live ආයතනයත් එක්ක කොන්සර්ට් දෙකක් කරන්න අවස්ථාවක් සලසා ගත්තා. කොහොම හරි ඒ ප්‍රසංගය අවසාන කරලා අපි මුම්බායිවලට එන්න කටයුතු ලැස්ති වුණු වෙලාවේදී සෝනු ලක්වානි සහ දිලංජන් සෙනෙවිරත්න යම් එකඟතාවකට ඇවිත් තිබුණා. ඒ අනුව මුම්බායිවලදී සෝනු ලක්වානි එක්ක අපි T Series ආයතන ප්‍රධානි බුෂන් කුමාව මුණ ගැසුණා. එහිදී මම මෙතෙක් කරලා තියෙන සින්දු සහ album එකේ තියෙන සින්දු ඔවුන්ට අහන්න දුන්නා.

පස්සේ ඔවුන් අපිට ආරාධනා කළා ඔවුන්ගේ ලේබල් එකට එකතු වෙන්න කියලා. මම මේ කියන සාකච්ඡාව 2021 සැප්තැම්බර් මාසයේ පටන් අරගෙන 2022 මාර්තු මාසයේදී තමයි අවසාන කළේ. විශේෂයෙන්ම මේ වැඩේ සාර්ථක කර ගන්න මගේ කළමනාකරුවන් දෙපළ ගොඩක් මහන්සි වුණා. ඒ නිසා ඒ අයට ස්තුතිවන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔව්. recording කටයුතුවලට නිතරම ගමන් කිරීම අපහසු නිසා අපි මුම්බායිවලට පදිංචියට අවා. අපි ගොඩක් මහන්සි වුණා මේ දේ සාර්ථක කර ගන්න. එහි ප්‍රතිඵල අද භුක්ති විඳිනවා.ඇත්තටම මේ ගීතයට නොහිතපු ආකාරයෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සංගීත නිර්මාතෘ චමත්ටත්, මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටිපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ.’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ගුරු බැති පුදට පිදු දාගැබ

ස්වකීය ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත...

“හදගැස්ම” නොනැවතී ඉදිරියට !

රංගන ශිල්පී අකිල සඳකැළුම් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ කුලුදුල් සිනමා නිර්මාණය ‘හදගැස්ම’ මේ වන විට දිවයින පුරා සිනමා ශාලාවන්හි අති සාර්ථකව තිරගත වේ. ඒ ඔස්සේ...

“හදගැස්ම” නොවැම්බර් 01 දා සිට රිදී තිරයේ !

සිංහල සිනමා වංශකතාවට එක්වන නවතම සිනමා සිත්තම ලෙස "හද ගැස්ම" චිත්‍රපටය එළඹෙන නොවැම්බර් මස 1 දින සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින...

නවසීලන්තයේ දී පදක්කම්ලාභී ප්‍රථම ලාංකික කායවර්ධන ශූරයා

අර්බුද රැසකට මැදිව කල් ගෙවන මෙවැනි මොහොතක ලෝකයේ කොහේ හෝ තැනක ලංකාවේ නම තියන්නට සමත් වන්නට යමෙකුට හැකි වන්නේ නම් එය මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවටම...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular