Sunday, October 26, 2025
Homeපුවත්ආර්ථිකබෙහෙත් ගන්න රජයට සල්ලි නැහැ !

බෙහෙත් ගන්න රජයට සල්ලි නැහැ !

-

ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවට ඊයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති, ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ හදිසි මිලදී ගැනීම් හරහා හෝ රටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.
පවතින තත්ත්වය මත රට තුළ ඇති ඖෂධ හිඟය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. එබැවින් රෝගාබාධවලට ගොදුරු නොවී හැකිතාක් පරිස්සම්වීම මේ මොහොතේ කළ හැකි හොඳම කාර්්‍යය බව ඖෂධවේදී කපිල ද සොයිසා වැඩිදුරටත් සඳහන් කළා,
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ ඖෂධ ඇණවුම් කිරීමේදී මාසයක ඇණවුම වෙනුවට මාස 03 ක ඇණවුම් එකවර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඉන්දීය ණය ආධාර වැඩසටහන උපරිම අයුරින් භාවිත කර ඖෂධ මිලදී ගැනීමට අදාළ කටයුතු ලබන මස මැද වන විට අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ. ඉන්දිය ණය ආධාර වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමට පෞද්ගලික අංශය වෙත වෙන් කර ඇති මුදල මිලියන 50 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular