බෝම්බයේ හදවත – තිනකරන් , නුවර එළිය

0
118

එක් අනාථ නිවසක් මතට විසි කෙරුණු බෝම්බය

තමා ගැන සිතා ලැජ්ජා වෙනු ඇත.

තමා විසින්ම දිවිනසා ගනු ඇත.

මහ විශාල විපතක් අති කෙරූ නාට්‍යයෙහි

ප්‍රධාන චරිතය තමා යන්න පිළිබඳ සිතා දුක් වනු ඇත.

දරුවන් භාවිතා කල උපකරණ වලින්,

ගිනිදැල් නැගෙන අයුරු දැක හදවත උණුසුම් වනු ඇත.

තමා තුළින් නැගෙන සල්ෆර් දුම නිවා දමනු ඇත.

බිම වැතිරී තිබෙන, සතුටෙහි තරම දෙස බලා කඳුළු හෙලනු ඇත.

විසිරී සිටින මියගිය දරුවන්වයි , ලේ තැවරුණු බෝනික්කන්වයි

උකුලට ගෙන පපුවට තුරුළු කරන් කෑ ගසා හඬනු ඇත.

අණ දුන් තැනැත්තාට තිබුණු හදවත බෝම්බයට තිබුණා නම්…