Sunday, April 5, 2026
HomeSlumමගේ උඳුවප් - බෘන්තා රාජගෝපාලන්

මගේ උඳුවප් – බෘන්තා රාජගෝපාලන්

-

කිසිවෙකුත්
හානි නොකරන්න
මගේ උඳුවප් උදැසනට

කිසිවෙකුත්
කෑ නොගසන්න දෑස්
පෙනෙන මිදුලේ සිට

පොරවනය තුළ මා
අත්අඩංගුවට ගත්
සීතලත් සමඟ සාකච්ඡාවක්කර , ඉන් පිට වෙමි

එතෙක්
ප්‍රහාර එල්ල
නොකරන්න.


පින්නෙන් මූණ සෝදනා
දළු සේ- එක් සිනහවක් සමඟ
දෑස් විවර කරන්න සිතමි

සූර්‍යයා අනෙක්
මාසවල උදෑසන
බිද දමයි….
උඳුවප් මස
පමණක් සූර්‍යයාත්
මදක් දෑස් පියා ගනී….
උඳුවප් මස නාන විට
පළමු ජල බිද දැවටෙන තුරු
තිස්වරක් – මනස
වෙවලා යයි සීතලේ….

උඳුවප් මහේ
තරහව මදක් නිමවන
මධ්‍යහන කාලයෙත් ,
යටි පතුල්
ඝණ වී යන
සීතලකි….

උඳුවප් මහේ
වතුර සේ
කඳුළුත් සීතල වී ඇත ….
සමරන්න ඒ කඳුළුත්
සීතල සමඟ ….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

ஜெயகாந்த். ஜானு - எட்டியாந்தோட்டை ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம், ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம். ஒரு வேலை புது வாழ்க்கையை...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular