(පරිවර්තනය – ශිවලෝගේශ්වරී)
අව් රෂ්මිය විහිදෙන වීදීයේ
බර රථ අදින්නෙකුට
දහවලේ සුවඳ යනු කුමක්ද
සිරුර මිරිකා ගලන
දහඩියේ සුවඳයි
වැහි පොද වැටෙන වෙලේ
දෑස් වසනා
වැහි දිය අතරින්
දළු නෙලා කූඩය
පුරවන්නෙකුට
වැස්සේ සුවඳ යනු කුමක්ද
තෙතබරිත සිරුරේ සුවඳයි
කූඩැල්ලන් කා වැගිරෙන
ලේ වල සුවඳයි
එදිනෙදා ජීවත් වන්නෙකුටත්
මහන්සියෙන් වැඩ කරන්නෙකුටත්
ජීවයේ සුවඳ යනු කුමක්ද
කුසගින්නේ සුවඳ මිස
වෙන කුමක්ද?
මහන්සියේ සුවඳ හා සසඳන විට
අනෙක් සුවඳකට
කෙසේ අරුත් දිය හැකිද?

