Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්රෝයල් නර්සිං හෝම් සේවකයන්ට දේශීයව නිපදවූ සෙනාරෝ GN125 මෝටර් බයිසිකල් 100ක්!

රෝයල් නර්සිං හෝම් සේවකයන්ට දේශීයව නිපදවූ සෙනාරෝ GN125 මෝටර් බයිසිකල් 100ක්!

-

දිවයිනේ විශාලම සෞඛ්‍ය සේවා ආයතනය වන සී/ස රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු සේවකයන් 800 දෙනා අතරින් වසර දහයකට වැඩි සේවා කාලයක් සහිත සේවකයන් 100 දෙනෙකුට පහසුවෙන් හා ලාභදායී ලෙස රාජකාරි හා පෞද්ගලික ගමන්වල නිරත වීම සඳහා ආයතනයේ වියදමින් SENARO GN125 මෝටර් බයිසිකල් 100ක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ 35%ක් අමතර කොටස් සහිතව එකලස් කළ SENARO GN125 මෝටර් බයිසිකලය හඳුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර එදිනම රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගමේ සභාපති මනුජ හේවාවසම් මහතා විසින් මෝටර් බයිසිකල් 100ක් මිල දී ගන්නා ලදී.

SENARO GN125 මෝටර් බයිසිකලය හඳුන්වා දීමේ උත්සවය සඳහා සෙනාරෝ මෝටර්ස් සභාපති රෝෂණ වඩුගේ, කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු එක් වූහ. එහිදී රෝයල් නර්සිං හෝම් ආයතනයේ සභාපති මනුජ හේවාවසම් මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ දේශීය ආර්ථිකය නංවාලීමට හා දේශීය කර්මාන්ත දිරි ගැන්වීමට වසර තුනකට වැඩි කාලයක වගකීම් සහතිකයක් පිරිනමන SENARO GN125 මෝටර් බයිසිකලය වැනි උසස් දේශීය නිෂ්පාදන මිල දී ගැනීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular