Sunday, October 26, 2025
Homeපුවත්රෝයල් නර්සින් හෝම් ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස People’s Excellency...

රෝයල් නර්සින් හෝම් ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස People’s Excellency සම්මාන දිනයි

-

සත්කාරක සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency සම්මාන උළෙලේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස සම්මානයයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය කරමින් මෙහෙයුම් කළමනාකාරවරියන් වන කුෂිණි කුමාරසිංහ මහත්මිය සහ රුවන්ති ෆර්නෑණ්ඩු මෙනෙවිය වෙත සම්මානය පිරිනමන ලදී.

2007දී 25ක පමණ කාර්ය මණ්ඩලයකින් ඇරැඹුණු රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින්ග් හෝම්හි වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1200ට වැඩි පිරිසක් සේවය කරන අති නවීන පහසුකම්වලින් සපිරි රෝයල් නර්සින් හෝම් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයයි. 2025 අවසානය වන විට 50,000කට වැඩි පිරිසකට සත්කාරක සේවා සැපැයීම ඔවුන්ගේ අරමුණ වේ. ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලැබූ රෝයල් නර්සින් හෝම් සමාගමේ හෙද සේවා පහසුකම් සහ ගිලන් රථ සේවාවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතිවලට අනුව ක්‍රියාත්මක වේ. දෙස් විදෙස් සම්මාන සහ තත්ත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම සත්කාරක සේවා මධ්‍යස්ථානය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන්...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular