Wednesday, April 15, 2026
Homeපුවත්රෝයල් නර්සින් හෝම් ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස People’s Excellency...

රෝයල් නර්සින් හෝම් ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස People’s Excellency සම්මාන දිනයි

-

සත්කාරක සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency සම්මාන උළෙලේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස සම්මානයයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය කරමින් මෙහෙයුම් කළමනාකාරවරියන් වන කුෂිණි කුමාරසිංහ මහත්මිය සහ රුවන්ති ෆර්නෑණ්ඩු මෙනෙවිය වෙත සම්මානය පිරිනමන ලදී.

2007දී 25ක පමණ කාර්ය මණ්ඩලයකින් ඇරැඹුණු රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින්ග් හෝම්හි වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1200ට වැඩි පිරිසක් සේවය කරන අති නවීන පහසුකම්වලින් සපිරි රෝයල් නර්සින් හෝම් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයයි. 2025 අවසානය වන විට 50,000කට වැඩි පිරිසකට සත්කාරක සේවා සැපැයීම ඔවුන්ගේ අරමුණ වේ. ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලැබූ රෝයල් නර්සින් හෝම් සමාගමේ හෙද සේවා පහසුකම් සහ ගිලන් රථ සේවාවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතිවලට අනුව ක්‍රියාත්මක වේ. දෙස් විදෙස් සම්මාන සහ තත්ත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම සත්කාරක සේවා මධ්‍යස්ථානය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular