පාර්ලිමේන්තුවේ තමන් ,කතා කරන කරුණුවලින්, වාසිදායක කොටස් පමණක් ප්‍රවෘත්ති විකාශයන්වල ප්‍රචාරය කරන ලෙස ඉල්ලමින් , විපක්‍ෂයේ ප්‍රධානතම නායකයෙකු මේ දිනවල මාධ්‍යවේදීන්ට විශාල කරදරයක් වී ඇති බව වාර්තාවේ .

එසේම අනෙකුත් මැති ඇමතිවරුන් තමන්ට හානිදායක යමක් ප්‍රකාශ කලවිට එය මාධ්‍ය හරහා ප්‍රචාරය නොකරන ලෙසද මෙම නායකයා , රජයේ හා පෞද්ගලික අංශයේ මාධ්‍ය නාලිකාවලට, දවසට දෙතුන් වතාවක් දුරකතනයෙන් අමතා ඉල්ලා සිටින බවටද තොරතුරු වාර්තාවේ .
ඒසේම තමන්ගේ ප්‍රවෘත්ති පළවිය යුතු වෙලාවන් පවා , තීරණය කිරීමට මෙම නායකවරයා දැන් පෙළඹී ඇත. තමන් රටේ අනාගත නායකයාවන බැවින් මාධ්‍ය ආයතන තමන්ට මෙසේ සැලකිය යුතු බවටද ඔහු ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇත .

