Wednesday, July 15, 2026
Homeපුවත්Earthfoamජනාධිපති අපනයන සම්මාන දිනයි

Earthfoamජනාධිපති අපනයන සම්මාන දිනයි

-

ස්වාභාවික රබර්වලින් මෙට්ට, ටොපර්ස් සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගම ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (2022/23) Life Style අංශයේ විශිෂ්ටම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී Earthfoam කළමනාකාර අධ්‍යක්ෂ ජානුක කරුණාසේන මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

2022දී ඇරඹූ Earthfoam සමාගම සිය නිෂ්පාදන ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු රටවල් රැසකට අපනයනය කරයි. ස්ථාවර, සුවපහසු, ආරක්‍ෂිත හා කල් පවත්නා රබර් මෙට්ට නිෂ්පාදනය කිරීමට ඔවුන්ටම ආවේණික වූ ක්‍රමවේදයක් Earthfoam සමාගම භාවිත කරයි.

Earthfoam නිෂ්පාදනවල උසස් තත්ත්වයට බලපාන ප්‍රධානම සාධකය වන්නේ ප්‍රධානම අමුදුව්‍ය ලෙස ස්වාභාවික රබර් යොදා ගැනීමය. Earthfoam සමාගම සිය දේශීය ගොවීන් 1,200කට අධික පිරිසකට අයත් කාබනික රබර් වගාවලින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය රබර් සපයා ගනියි. එය ලෝකයේ විශාලම කාබනික රබර් වගා ජාලය ද වේ. ඒ සෑම රබර් වගාවක්ම Global Organic Latex Standard තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇති අතර, ඒවා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී එම ප්‍රදේශවල ජෛව විවිධත්වය ඉහළ නැංවීමට සහාය වේ. Earthfoam සමාගම වර්තමානයේදී රට පුරා අක්කර 10,000කට අධික ප්‍රමාණයකින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය ස්වාභාවික සහ කාබනික රබර් සපයා ගනී.

රබර් කර්මාන්තයට Fair for Life සහතිකය ලැබූ පළමු සමාගමද වන Earthfoam සමාගම කිරි කපන්නන්ගේ සුබසාධනයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වාර්ෂිකව රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුතු ජීවිත රක්ෂණාවරණ පිරිනැමීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වීම සහ වෙනත් ප්‍රජා සංවර්ධන හා සවිබල ගැන්වීමේ වැඩසටහන් දියත් කිරීම ඒ යටතේ සිදු වේ.

Earthfoam සමාගමේ නවීන කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය රබර් අමුද්‍රව්‍ය නිපදවන Hexagon Asia පෞද්ගලික සමාගමට අයත් කර්මාන්තශාලාව ඇහැලියගොඩ පිහිටා ඇත. සිය නිෂ්පාදනවල කිසිදු පිරවුමක් හෝ මිශ්‍ර රබර් අඩංගු නොවන බව සහතික කිරීමට Earthfoam සමාගම සෑම විටම කටයුතු කරයි. Earthfoam සමාගම නිපදවන රබර් මෙට්ට අමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඔවුන්ගේම කර්මාන්තශාලාවක් හරහා අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කරයි. පසුගිය කාලය පුරා ඔවුන් දේශීය සහ ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් රැසකින් පිදුම් ලබා ඇත. Global Organic Textile Standard, Oeko-Tex Standard 100, GOLS සහ Fair for Life ඒ අතරින් කිහිපයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular