Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකසිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHSසහ DFCC බැංකුව එක් වේ !

සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHSසහ DFCC බැංකුව එක් වේ !

-

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ අධ්‍යාපන ණය ගැනීමට අවස්ථාව සළසමින් DFCC බැංකුව සමඟ එක් වේ. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් වන IIHS ආයතනය හෙද සේවය හා සම්බන්ධ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසයි. මෙම සහයෝගීතාව ඇති කර ගැනීමේ අවස්ථාවට IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාත් DFCC බැංකුවේ බැංකුකරණ, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන අංශය නියෝජනය කරමින් ඇන්ටන් ආරුමුගම් මහතාත් සහභාගී වූහ.

මෙම සහයෝගීතාව හරහා පිළිගත් මූල්‍ය ආයතනයක සහයෝගය සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගුණාත්මක අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ. ආකර්ෂණීය ණය පහසුකමක් සමඟ ගෝලීය වශයෙන් පිළිගැනීමක් සහිත උපාධි පාඨමාලාවක් හැදෑරීමට සිසුන්ට ලැබෙන මේ අවස්ථාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව තහවුරු කිරීමට උපකාර වේ. විශේෂයෙන්ම වර්තමාන ආර්ථික තත්ත්වය තුළ මෙම සහයෝගීතාව හරහා සිසුන්ට වාසි රැසක් ලැබෙනු ඇතැයි IIHS ආයතනය සඳහන් කළේය. පාඨමාලා ගාස්තුවෙන් 100%ක් ණය මුදලක් වශයෙන් ගත හැකි වීම, වසර හතක් තුළ ආපසු ගෙවීමේ හැකියාව (පළමු මාස 18 තුළ පොළිය පමණක් ගෙවිය යුතු වේ) සහ ඉතා පහසුවෙන් සේවය ලැබිය හැකි වීම මෙම සහයෝගීතාවේ වාසි අතර වේ.

IIHS ආයතනය හෙද සේවය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ඇතුළු විවිධ උපාධි පාඨමාලා පිරිනැමීමට සැළසුම් කර ඇති අවස්ථාවක සිසුන්ට මෙවැනි ණය පහසුකමක් ගැනීමට අවස්ථාව උදා වීම සුවිශේෂ කරුණකි. නව සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “නිසි සුදුසුකම් සහ පුහුණුව ලැබූ හෙද, අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. අප ආයතනය කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව පිරිනමන උපාධි පාඨමාලා හෙද ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වෙන සිසුන්ට ඉතා හොඳ තෝරා ගැනීමක්.” “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන IIHS ආයතනය සමඟ එකතු වීමට ලැබීම ඉතා සතුටට කරුණක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනක් අරඹන්න බලාපොරොත්තු වෙන සහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්න උත්සාහ කරන තරුණ තරුණියන්ට IIHS ආයතනය ඉතා හොඳ තෝතැන්නක්.” ඇන්ටන් ආරුමුගම් මහතා අදහස් දක්වමින් එලෙස පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular