Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්'සෙත් රූ' ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික...

‘සෙත් රූ’ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි.

-

තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික පාඨමාලාව, ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර පිළිබඳ සහතික පාඨමාලාව / උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, ආයුර්වේද තෛල අභ්‍යංග පාඨමාලාව සහ සුගන්ද චිකිත්සා පාඨමාලාව වැනි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 170කට වැඩි පිරිසකට එහිදී සහතික පිරිනමන ලදී.

2014දී ආචාර්ය මහේෂ් අතුරලිය ඇරැඹූ සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසලේ ප්‍රධාන කාර්යාලය සහ තවත් ශාඛාවක් වත්තල පිහිටා තිබේ. ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇති සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසලේ ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත වෛද්‍ය කණ්ඩායමක් ඉගැන්වීමේ නිරත වෙති. නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, ෆෙයානස් ක්‍රීම්, පිම්පල් ක්‍රීම්, ෆුට් ක්‍රීම්, බොඩි ලෝෂන් සහ බොඩි බටර් වැනි බටහිර සහ ආයුර්වේද යන කාණ්ඩ දෙකටම අයත් රූපලාවණ්‍ය නිෂ්පාදන සකසන ආකාරය පිළිබඳ දැනුම සහ සම්පූර්ණ පුහුණුව ලැබීමට මෙම ආයතනයේ පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට හැකියාව ලැබේ. “සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හඳුන්වා දී ඇති ප්‍රමිති ඇතුළු දෙස් විදෙස් ප්‍රමිතිවලට අනුකූලව පිරිනමන අධ්‍යයන පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන් ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ඉහළ ආදායම් ලබන රූපලාවණ්‍ය වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බවට පත් වී තිබෙනවා. එවැනි මට්ටමකට ළඟා වීමට නම් සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල වැනි තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ සහ අනිකුත් අදාළ ආයතනවල ලියාපදිංචිය සහිත ආයතනයක් තෝරා ගත යුතුයි.” ආචාර්ය මහේෂ් අතුරලිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular