දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.
ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්.
වටේටම සෙනග
අසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරා
හද ගැස්ම දෝංකාරය දෙයි මුහුණ පුරා
විඩා බරයි සියොළඟ ,කුසගින්නට
සිත බර වී දුම්රියට…..
යන්නට දඟලයි දෙපා , නැගිටින්න තතනයි ගත….
ඔරලෝසුව නාද වුණි පහ වෙද්දී
සිත ඇදී ගියා බොහෝ දුරකට
“දිවා සුරක්ෂිත මද්‍යස්ථානයේ ” පුංචි දුව …
“අමතර පන්තියේ “පුතා
කෙළවරේ කඩෙන් එළවළු තුනක් ගන්නත් ඕනි
පුංචි දුවට කිරිපිටි
පුතාට කොපි පොත්
අම්මට ප්‍රෙෂර් පෙති
කඩිමුඩියේ වැඩ ටික ලැයිස්තුගත කර ගත්තා සිත…
ඔරලෝසුව නාද වුණා හයට
ආවේ නැත මැති ඇමතිවරු, නිලධාරීන් කව්රුත්
මොනදේ වුනත් වුණාදෙන්
බැනුම් , අසන්නට වේවි, ඒත් කම් නැත ….
සැනින් නැගිටුනි දෙපා …
දුම්රිය පල වෙත ඉගිලුනි මා ….

