Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Westbury Residencies – Colombo 10 ඉහළ අලෙවියක් වාර්තා කරයි

Westbury Residencies – Colombo 10 ඉහළ අලෙවියක් වාර්තා කරයි

-

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස අවශ්‍යතාව අඛණ්ඩව ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස Westbury Suites ඉදි කළ නවතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 හි ඒකක 35න් 20ක් ඉතා කෙටි කාලයකින් අලෙවි වී තිබේ. මෙම වේගවත් අලෙවිය ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව එම සමාගම සඳහන් කළේය. Campbell Avenueහි පිහිටා ඇති Westbury Residencies – Colombo 10 නවීන ගෘහ නිර්මාණ ශිල්පය, සියුම් නිර්මාණාත්මක බව සහ සුවපහසු බව කැටි කර ගත් නිවාස සංකීර්ණයකි. එය ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු සහ මූල්‍ය ආයතන ආදියට ඉතා ආසන්නව පිහිටා තිබීම මෙම කැපී පෙනෙන අලෙවියට ප්‍රධාන හේතුවක් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහෙස් පැවසුවේ සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කරමින් සැළසුම් කිරීම, උසස් ඉදි කිරීම් ප්‍රමිතිවලට අනුගත වීම සහ ඉලක්කගත වෙළෙඳපොළ උපක්‍රම හරහා මෙම සාර්ථකත්වය ලැබූ බවයි. “දේශීය වෙළෙඳපොළේ අවශ්‍යතා සහ අභිරුචි නිවැරැදිව හඳුනා ගැනීමෙන් විවිධ පාරිභෝගිකයන්ට ගැළපෙන නිවසක් නිර්මාණය කරන්න අපට හැකි වුණා. ව්‍යාපෘතියේ ගුණාත්මක බව, සෑම අංශයක් පිළිබඳවම යොමු කර ඇති ඉහළ මට්ටමේ අවධානය සහ වටිනාකම් එකතු කිරීම ගැන පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඉතාමත් ධනාත්මකයි. විශ්වාසනීය බව සහ විනිවිදභාවය වැනි කරුණු නිසා ඔවුන් මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක මිල දී ගන්න යොමු වුණා කියලා බොහෝ පාරිභෝගිකයන් සඳහන් කළා.” ඔහු පැවසීය. “වර්තමාන වෙළෙඳපොළ තත්ත්ව තුළ Westbury Residencies – Colombo 10 අභියෝගවලට මුහුණ දෙමින් වර්ධනය ළඟා කර ගත් දේපොළ වෙළෙඳාම් ව්‍යාපෘති සඳහා විශිෂ්ටම උදාහරණයක්. දැනටමත් නිවාස ඒකක 20ක් අලෙවි වෙලා තිබෙනවා. ඉතිරි නිවාස ඒකක මිල දී ගැනීම පිළිබඳවත් බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. මේ සියල්ල සමඟ Westbury Residencies – Colombo 10 සුඛෝපභෝගී නිවාස ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන්න සූදානම්.” මුහෙස් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular