මෙරටට සංචාරකයින් 109,199 ක් ඔක්තොම්බර් මස දී පමණක් පැමිණඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්දන අදිකාරිය නිවේදනය කර තිබෙනවා. සංචාරකයින් 1,125,455 දෙනෙකු මෙම වසරේ මුල් මස 10 තුලදී පමිණැ ඇති බව වැඩිදුරටත් සදහන් කරන්නෙ.
ඔක්තෝබර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ

ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 28,222ක්.
මීට අමතරව රුසියාවෙන් 10,629ක් එක්සත් රාජධානියෙන් 8,454ක් ජර්මනියෙන් 7,548ක් චීනයෙන් 6,211ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණි ඇත.
මේ අතර ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසා සිටියේ මෙම වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 15ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් වසර අවසානය වන විට මෙම ඉලක්කය සපුරාගත හැකි බවට තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති බවත්ය.
– (තෙනුලි රයත්මා ප්‍රේමරත්න .) –


