කොකාවැව දුටුවැව ප්‍රදේශයේ කුඩා දැරියක් ලිදකට වැටී මියගොස් තිබෙනවා .
ඊයේ (17) සවස් කාලයේ කොකාවැව පොලීසියට මවක් සහ දැරියක් දියේ ගිලීම හේතුවෙන් ප්‍රතිකාර සදහා ගලෙන්බිදුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවට ලද තොරතුරක් මට මෙම විමර්ශණය සිදු කර තිබුණි .
රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් දැරිය මියගොස් ඇති අතර දැරියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 02 මාස 05ක් පමණ වන දුටුවැව ප්‍රදේශයේ කුඩා දැරියකි.
පසුව සිදුකරන ලද විමර්ශනවලදී දුටුවැව ප්‍රදේශයේ වගා ළිඳක් තුළ මියගිය දැරියගේ සිරුර පාවෙමින් තිබී ඇති බවත්, 31 හැවිරිදි ඇගේ මව එම ළිඳෙහි තිබූ ලණුවක ආධාරයෙන් එල්ලී සිටියදී දෙදෙනාම ගොඩට ගෙන ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවටත් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.
දැරියගේ මරණය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොකාවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
–(තෙනුලි රයත්මා ප්‍රේමරත්න .)-

