Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකDearo Agri සමාගම රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ‘එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතිය...

Dearo Agri සමාගම රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ‘එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතිය සමග එක් වේ

-

ව්‍යාපාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල දියුණුවට නිරන්තරයෙන් අනුග්‍රහය දක්වන Dearo Investment සමාගම් සමූහයට අනුබද්ධ Dearo Agri සමාගම රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් රජය දියත් කර ඇති පුරන් කුඹුරු අස්වැද්දීමේ ‘එක මිටට ගොවි බිමට’ ජාතික වැඩසටහනට අනුග්‍රහය දක්වයි. ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතාගේ දායකත්වය සහිතව රජයේ නව සංකල්පයක් අනුව මෙම වැඩසටහන දියත් කෙරේ. රජය සමග එක් වී මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට Dearo Agri සමාගම අපේක්ෂා කරයි. ‘ස්වයංපෝෂිත රටක් සහ ඉසුරුබර අනාගතයක් උදෙසා ජාතිය ගොඩ නගන ශ්‍රී ලාංකික හදගැස්ම’ යන්න තේමාව කර ගත් Dearo Agri සමාගම ගම්පහ, කඩුවෙල සහ බියගම යන ප්‍රදේශවල ඇති පුරන් කුඹුරු හෙක්ටයාර 50කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දීම සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වීමට නියමිතය.

Dearo Agri සමාගම ගොවීන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් පොලී රහිතව සපයයි. අස්වැන්න නෙළා ගත් පසු මුදල් ආපසු ගෙවිය හැකිය. මේ හරහා ඉතා ඉහළ පොලී අනුපාත යටතේ ණය මුදල් ගැනීමෙන් තොරව සිය වගා කටයුතු කර ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබේ. බිම් සැකසීමේ පටන් අස්වැන්න නෙළීම දක්වා සෑම අවස්ථාවකදීම සමාගම සතු ට්‍රැක්ටර් හා අනෙකුත් කෘෂි යන්ත්‍රෝපකරණ ගොවි සමිති හරහා ගොවීන් වෙත සැපයීමටද නියමිතය. අදාළ නිලධාරීන් සහ ආයතන හරහා අවශ්‍ය දැනුම සහ උපදෙස් සපයන බැවින් ගොවීන්ට අවම පිරිවැයක් සහ ශ්‍රමයක් යටතේ උපරිම අස්වැන්නක් ගත හැකිය. ගොවීන්ට අමතර ආදායම් මාර්ග නිර්මාණය කර දීමටද Dearo Agri සමාගම කටයුතු කරයි. Dearo Investment සමාගම් සමූහයට අයත් අනෙකුත් ආයතනද ඒ සඳහා විවිධ අයුරින් දායකත්වය සැපැයීමට සූදානමින් සිටී. “වර්තමානයේදී බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙනවා. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි ජාතික වැඩසටහනක කොටස්කරුවෙක් බවට පත් වීමට ලැබීම අපට විශාල ආඩම්බරයක්.” Dearo Investment සමාගම් සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා පැවසීය. නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය උපයෝගී කර ගනිමින් පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයන Dearo Investment සමාගම් සමූහය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. පෞද්ගලික හා ව්‍යාපාර ණය යෝජනා ක්‍රම, සුහුරු ආයෝජන සැළැසුම් ඒ අතර ප්‍රධාන වේ. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ සහ හවුල් ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය යෝජනා ක්‍රම රැසක්ද ඔවුන් හඳුන්වා දී ඇත. Dearo Investment සමාගම් සමූහය දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular