Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්ඇල්පිටිය වැවිලි සමාගම විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk අරඹයි

ඇල්පිටිය වැවිලි සමාගම විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk අරඹයි

-

Aitken Spence සමූහයට අනුබද්ධිත ඇල්පිටිය වැවිලි සමාගම විසින් විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk වෙබ් අඩවිය පසුගියදා දියත් කරන ලදී. ඇල්පිටිය වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි රාස්ප්බෙරි සහ බ්ලූබෙරි වගාව ආරම්භ කළ වැවිලි සමාගමයි. ස්වාභාවික පාරිසරික තත්ත්ව යටතේ ඉදෙන්නට සළස්වන මෙම බෙරිවල නැවුම් ස්භාවික රසයම විද ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ‍. මේ සියලු බෙරි නිෂ්පාදන Berry Much සන්නාමය යටතේ HarrowHouse.lk වෙබ් අඩවියෙන් මිල දී ගත හැකිය.

බෙරි නිෂ්පාදනවලට අමතරව ස්ට්‍රෝබෙරි හා රාස්ප්බෙරි ජෑම් සහ කටු අනෝදා, අඹ, වැල්දොඩම්, අන්නාසි හා පොල්වලින් නිෂ්පාදිත රසයෙන් මෙන්ම ගුණයෙන්ද සපිරි ජෑම් HarrowHouse.lk වෙබ් අඩවිය හරහා මිල දී ගත හැකිය. දේශීයව මෙන්ම විදේශීයවද ඉතා ඉහළ ඉල්ලුමක් ඇති Ceylon Tea තේ මිල දී ගැනීමටද මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව සළසා දී තිබේ. තේවලට ඇලුම් කරන්නන්ට පුළුල් පරාසයක විහිදී ඇති කලු තේ, හරිත තේ, තෑගි වශයෙන් දිය හැකි තේ සහ BOPF  තේ වැනි බොහෝ නිෂ්පාදන මෙම වෙබ් අඩවිය හරහා මිල දී ගත හැකිය. තේ ආශ්‍රිත සියලු නිෂ්පාදන ඇල්පිටිය වැවිලි සමාගමට අයත් මධ්‍යම කඳුකරයේ පිහිටි තේ වතුවලින් නෙලා ගන්නා නැවුම් තේ දළුවලින් නිපදවයි. අඹ, මිශ්‍ර පළතුරු, කටු අනෝදා, ස්ට්‍රෝබෙරි සහ සියඹලා වැනි පලතුරුවලින් සකසන බීම වර්ගද HarrowHouse.lk හරහා මිල දී ගත හැකිය. පලතුරු බීමවලට අමතරව කාබනීකෘත පළතුරු යුෂද (Fizzy Drinks) Tropifruit සන්නාමය යටතේ මිල දී ගත හැකිය.  කෝපි, පිරිසුදු මී පැණි, කිතුල් පැණි, කුරුඳු සහ තවත් බොහෝ දෑ මෙම වෙබ් අඩවිය හරහා මිල දී ගත හැකිය. නොවැම්බර් මාසය පුරා 15%ක විශේෂ වට්ටමක් පිරිනැමීමටද HarrowHouse.lk කටයුතු යොදා ඇත. HarrowHouse.lkවෙබ් අඩවියෙන් මිල දී ගැනීමේදී කූපන් කේතය (NEWSHH) භාවිත කිරීමෙන් පාඨකයන්ට දෙසැම්බර් මාසයේදී 15%ක වට්ටමක් හිමි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular