Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !

විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !

-

Business World International Organization සංවිධානය කළ  Lanka Business Award සම්මාන ප්‍රදාන උත්සවයේදී  RanyanIndustrires හි අමාමී සන්නාමය විශිෂ්ටම හෝටල් සේවා සැපැයුම්කරු සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ TajSamudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී අමාමී නි්ර්මාතෘ රනිල් ද සිල්වා මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. 

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (AmenityKit)  නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ (Amami)   අමාමී සන්නාමය (www.hotelsupplies.lk)  වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන්, සුවද කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි. ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථක ප්‍රතිඵල අත්විඳින අමාමි නිෂ්පාදන 0777576639 සඳහා සංචාරකයන්ගෙන්ද ඉහළ ප්‍රතිචාර ලැබී ඇත. 

එම නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස්, අනන්තය ආදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි. සමාගම සියලුම නිෂ්පාදන දේශීය අමුදව්‍යවලින් මෙරටදීම නිපදවන අතර පනහකට අධික පිරිසකට රැකියා සපයා ඇත.

“දශක තුනක අපේ නිෂ්පාදන හා සේවාවල විශිෂ්ටත්වය තහවුරු කරමින් මේ සම්මානය හිමිවීම පිළිබදව මම සතුටු වෙනවා. සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් උදෙසා සුවඳවත් සහ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සපයමින් අපි අපේ ව්‍යාපාරයේ විශිෂ්ටත්වය තහවුරු කළා. ආයුර්වේද සහතික හා ISO9001 තත්ත්ව සහතික ලබා ඇති අපට මෙම සම්මානය තවත් ධෛර්යයක් වෙනවා. ඉදිරියේදී අපි ආයුර්වේද නිෂ්පාදන රැසකුත් වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. පියවරින් පියවර ඉදිරියට ආ අපේ ව්‍යාපාරයේ වගකීම් මගේ දියණිය හර්ෂලා සහ පුතා රනුක වෙත බාර දී මම ඔවුන්ට උපදෙස් දෙමින් දැන් කටයුතු කරනවා. මේ හැම දෙයක්ම සාර්ථකත්වයට රැගෙන ගිය මගේ ප්‍රධානම ශක්තිය වන ආදරණීය බිරිඳ වෛද්‍ය ප්‍රියානි ද සිල්වාටත්, මගේ ව්‍යාපාර දිවියට සවියක් වූ ගැනුම්කරුවන්ටත්, පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන් අපේ වෙළෙද ප්‍රචාරණ ආයතනය හැටියට කටයුතු කරන රෙවෝ ඇඞ්වර්ටයිසින් ආයතනය වෙතත් ස්තූතිය පුද කරනවා.” රනිල් ද සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular