Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ

එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ

-

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සෙවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS) සහ Care England UK සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගත් දකුණු ආසියාවේ පළමු සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වේ. IIHS සහ NHS අතර අවබෝධතා ගිවිසුමකට වත්තල IIHS පරිශ්‍රයේදී අත්සන් තබන ලද අතර ඒ යටතේ විෂය නිර්දේශ සැකසීම, සායනික පුහුණු වැඩසටහන් සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සම්බන්ධයෙන් ආයතන දෙක අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කරයි. එමඟින් IIHS ආයතනයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්‍රමිතිවලට සහ භාවිතවලට අනුගත වේ. මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස සෙෳඛ්‍ය වෘත්තිකයන් හා හෙද හෙදියන් සියයකට අධික පිරිසකට එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට හැකි විය.

Care England UK සමඟ ඇති කර ගත් සහයෝගිතාව පුළුල් වපසරියක විහිදුණු සෞඛ්‍ය අධ්‍යාපන පහසුකම් සැපයීමට IIHS සතු කැපවීම ඉහළ නංවයි. වැඩිහිටියන් සඳහා සමාජ ආරක්ෂණ සේවා සපයන්නන් නියෝජනය කරන Care England UK ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති, පුහුණු වැඩසටහන් සහ විෂය නිර්දේශ සඳහා තත්කාලීන සිද්ධි අධ්‍යයන වැනි දෑ සම්බන්ධයෙන් IIHS සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. Care England UK ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් මහතා පසුගියදා IIHS ආයතනයේ සංචාරයක නිරත වූ අතර ඔහු පැවසුවේ මෙම සහයෝගිතාව තුළින් ආයතන දෙකටම වාසි රැසක් සැළසෙන බවයි.

මෙම හවුල්කාරිත්ව මෙරට පමණක් නොව දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් අවස්ථා රැසක් නිර්මාණය කරන බවත්, ඒ හරහා සාම්ප්‍රදායික සීමා බිඳ හෙලමින් ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සහ සැබෑ ලෝකයේ සෞඛ්‍ය සේවා භාවිත අතර ඇති පරතරය පියවීමට හැකි වනු ඇති බවත් IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය. එය ශ්‍රී ලාංකික හෙද නිලධාරීන්, උපස්ථායකන් සහ උපස්ථායක සහායකයන්ට එක්සත් රාජධානියේ ඉහත කී ආයතන ද්විත්වයේ රැකියා අවස්ථා ලැබීමටද ඉවහල් වන බවද ඔහු සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය විදේශ විනිමය රැගෙන ඒමටද මෙම ක්‍රියාදාමය ප්‍රබල පිටිවහලක් වන බවද එදිරිසිංහ මහතා සඳහන් කළේය. IIHS වෙතින් පූර්ණ උසස් අධ්‍යාපනය ලබා NHSහි සේවය කිරීම සඳහා ඔවුන් විසින්ම තෝරා ගන්නා ලද උශානි ශම්මිකා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ උපන් දිනයට සුභ පැතීම සඳහා එක් කර ගැනීමද සුවිශේෂ සිද්ධියක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular