Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

-

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Nursing, Biomedical Science, Physiotherapy, Health Administration, Digital Health, Radiography, Optometry, Pharmacy, Nutrition & Health, Sports & Exercise Science, Paramedic Science, Psychology, Education වැනි ක්ෂේත්‍ර ගණනාවකට අදාළ සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා රැසක් IIHS විසින් පිරිනමනු ලබයි. උසස් පෙළ විභාගය සඳහා ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිටි සිසුන්ට ඉහත පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකි අතර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ටද පදනම් පාඨමාලාවකින් පසුව ඉහත පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකිය. මෙම පාඨමාලාවල වටිනාකමින් පහළොවෙන් එකකටත් වඩා අඩු ගාස්තු යටතේ IIHS වෙතින් මෙම පාඨමාලා හැදෑරිය හැකි වීම සුවිශේෂත්වයකි. එකසත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඇති කර ගත් සහයෝගීතාව අනුව මෙම සියලුම පාඨමාලා දියත් කෙරේ.

දශක දෙකකට වැඩි ඉතිහාසයක් සහිත IIHS ලොව පුරා ඇති යහපත් භාවිතවලට සහ ප්‍රමිතිවලට අනුකූලව සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් හැදෑරීම සඳහා දකුණු ආසියානු කළාපයේ සිසු සිසුවියන්ට අවස්ථාව සළසයි. ඊට අමතරව පර්යේෂණ සහ ප්‍රජා සංවර්ධන වැනි ක්ෂේත්‍රවලට අදාළ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කරන IIHS සෙෳඛ්‍ය වෘත්තිකයන් දහස් ගණනක් බිහි කිරීමටත්, තවත් වෘත්තිකයන් විශාල පිරිසකගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීමටත් පසුගිය කාලය පුරා කටයුතු කර ඇත. එසේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට විදෙස් රැකියා අවස්ථා උදා කර ගැනීමට සහාය වීමේ අරමුණින් IIHS එක්සත් රාජධානියේ National Health Services (NHS) සහ Care England UK යන ඉහළ පෙලේ සෙෳඛ්‍ය සේවා සහකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular