Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

-

Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCIසංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) ජාතික මට්ටමේ රිදී සම්මානය සහ පළාත් මට්ටමේ රන් සම්මානය දිනා ගත් අතර NCE සම්මාන උළෙලේදී රබර් හා රබර් නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) රිදී සම්මානය දිනා ගත්තේය. සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පී. ඒ. නන්දසේන මහතා සහ නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරිනී ඉන්දිරා සේනාරත්න මහත්මිය වෙත මෙම සම්මාන පිරිනමන ලදී.

ඉංජිනේරු ඩොනල්ඩ් ගුණසේකර සහ විල්සන් ගුණසේකර යන ව්‍යාපාරිකයන් දෙදෙනා 1947දී Elasto සමූහය බෙන්තොටදී ඇරඹූහ. එය වර්තමානයේදී මංගල ගුණසේකර මහතාගේ විශිෂ්ට මග පෙන්වීම යටතේ රටවල් රැසකට නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත් වී තිබේ. ඊට අනුබද්ධිත Textrip සමාගම 1978දී ස්ථාපිත කෙරුණු අතර එය වර්තමානයේදී පුළුල් පරාසයක විහිදී ඇති කල් පැවැත්මෙන් සහ සුවපහසු බවින් සපිරි නිෂ්පාදන රැසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කරයි. Therapeutic Exercise Strips, Resistance Bands, Fitness Toners, Texstretch Tubes, O-rings, Cuffs, Posture Supporter Butterfly, Stretchers, Ankle Weights, Hammer Throw, Several Types of Trainers, Reaction Balls, Rowing Tubes, Body Harness, Exercise Bars, Punching Bags, Hospital and Baby Cot Sheets, Dental Dams, Coated Fabrics, Gym Packs and Multiple Types of Bags එම සමාගමේ නිෂ්පාදන අතර වේ. මීට පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇති  Textrip සමාගම ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 14065 GHG 001-01, Certificate of Conformity on Ethical Trading සහ දෙස් විදෙස් ප්‍රමිති සහතික රැසක් හිමි කර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular