Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්IIHS හා Coventry University එක් වී දකුණු ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති...

IIHS හා Coventry University එක් වී දකුණු ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති උපාධි හඳුන්වා දෙයි.

-

මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing, MSc Digital Health සහ MBA in Healthcare Administration යන උපාධි පාඨමාලා හඳුන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු IIHS ආයතනය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් 3,000කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් නිර්මාණය කර ඇත. IIHS ආයතනය එහි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් යටතේ උසස් මට්ටමේ අධ්‍යාපන පහසුකම් තහවුරු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරයි. “IIHS ආයතනය සහ Coventry විශ්ව විද්‍යාලය අතර මේ සහයෝගීතාව අසමසම අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීම සඳහා අප සතු කැපවීම වඩාත් තහවුරු කරනවා. මෙම අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා සිසු සිසුවියන්ට අවස්ථා සළසන දකුණු ආසියානු කළාපයේ එකම අධ්‍යාපන ආයතනය තමයි IIHS ආයතනය. නවීන තාක්ෂණය සහ අධ්‍යාපනයේ නවතම විශේෂාංග පිළිබඳව උනන්දුවක් දක්වන අපි සිසු සිසුවියන්ට විශිෂ්ටම අත්දැකීමක් සැපයීමට සෑම විටම උත්සාහ කරනවා.” එදිරිසිංහ මහතා පැවසීය.

Coventry විශ්ව විද්‍යාලය උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා 300කට වැඩි ප්‍රමාණයක් පිරිනමන පාසල් සහ දෙපාර්තමේන්තු සහිත පීඨ හතරකින් සමන්විත වේ. IIHS ආයතනයේ උසස් ඩිප්ලෝමා පාඨමාලා සම්පූර්ණ කරන සිසු සිසුවියන්ට Coventry විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී සිය උපාධි පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබේ. Guardian University නිර්ණායක අනුව එක්සත් රාජධානියේ විශිෂ්ටම විශ්ව විද්‍යාල අතර 15 වැනි ස්ථානයත්, ඉගැන්වීම් විශිෂ්ටතාව සඳහා 2 වැනි ස්ථානයත්, සිසු සිසුවියන් වෙත විශිෂ්ටම අත්දැකීම් සපයන විශ්ව විද්‍යාල අතර 5 වැනි ස්ථානයත් හිමි කර ගෙන ඇති Coventry විශ්ව විද්‍යාල සමඟ එක් වී ගෝලීය වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපනයක් ලැබීමට සිසු සිසුවියන්ට හැකි වේ. ජාත්‍යන්තර පිළිගැනීම සහ විශ්වාසනීයත්වය තහවුරු කරමින් IIHS ආයතනය හඳුන්වා දෙන මෙම උපාධි පාඨමාලා SLQF දහවැනි අදියර සහ FEHQ හත්වැනි අදියර යටතේද පිළිගෙන ඇත. මෙම පාඨමාලා තෝරා ගැනීම හරහා පරිවර්තනීය අධ්‍යාපන අත්දැකීමක් පමණක් නොව ගෝලීය වශයෙන් පිළිගැනීමක්ද හිමි වන බව IIHS ආයතනය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular