Wednesday, July 15, 2026
Homeපුවත්පැතිකුදය (Scoliosis) තුරන් කිරීමේ පාගමන් මෙහෙයුම සෙනසුරාදා ඇරඹේ !

පැතිකුදය (Scoliosis) තුරන් කිරීමේ පාගමන් මෙහෙයුම සෙනසුරාදා ඇරඹේ !

-

මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත් වේ.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ අනුග්‍රාහක සත්කාරය ඇතුව මෙය සංවිධානය කරනු ලබන්නේ ලංකා E doc ආයතනය බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නිලූකා වැලිකල මහත්මිය පවසන්නීය.

කොළඹ සහ ගම්පහ ජාතික පාසල් රැසක දරු දැරියන් සහභාගීත්වයෙන් මාර්තු 02 සෙනසුරාදා පෙරවරු 7.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට විහාරාමහා දේවි උද්‍යානය දක්වා ගමන් කරන මෙම පා ගමන ප්‍රවාහන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරයි.

පා ගමන අවසානයේ විහාරමහා දේවි උද්‍යානයේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනය එදින පස්වරු දෙක දක්වා පැවැත්වෙන බව ආචාර්ය වැලිකල මහත්මිය පවසන්නීය.

මෙම පා ගමනට හා සායනයට ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ, එහි කොඳුවට පෙළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අප්පායි ක්‍රිෂ්ණන්, වෛද්‍ය විග්නේෂ් සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු ද එක් වෙති.

සැක සහිත පැතිකුද රෝග තත්ත්වයන් ඇති දරුවන්ගේ දෙමව්පියන් තම දරුවන් මෙම සායනයට රැගෙන එන ලෙස ද ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචි වීම 0743913395 WhatsApp අංකය ඔස්සේ සිදුකළ හැකි බව ද ආචාර්ය වැලිකල මහත්මිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular