Tuesday, May 26, 2026
HomeSlumඅසාමාන්‍ය මිනිසෙක් - එස්.රත්නජෝති

අසාමාන්‍ය මිනිසෙක් – එස්.රත්නජෝති

-

සරම, බැනියම ඇඳලා , පාරේ බස් එකෙන් ගමන් යද්දී ,
හැමෝම හිතුවේ නුඹ හරිම සරල , සාමාන්‍ය මිනිහෙක් කියල …

නමුත්, මට නම් නුඹ අසාමාන්‍ය මිනිසෙක් ..
සරම බැනියම ඇන්දත්
රබර් ගස් හා ඔට්ටු වුනත් ,
නුඹ මැලිකමක් නැති දක්ෂයෙක් ….
වීර්යයෙන් ,විශ්වාසයෙන් පිරි කෙනෙක්…

දවස් කීයක් නම් නුඹ, කුසගින්නේ සිටියද ?
දරුවන් ආහාර ගන්නා දෙස බලා සැනසෙමින්….

පාවහන් නොපළඳන ඔබ,
අප හට පාවහන් පළඳන්න,
අපේ බර ඔසවා ගත්තා
කිලිටු වේ යැයි කියා අපේ දෙපා

බාධා මැද ජීවත් වුවත් ,
අල්ලා ගැනීමට නොහැකි සිහිනයන් පවා,
ලුහුබැන්දා අප වෙනුවෙන්

කිරි බාල්දිය ඔසවාම සීරි ඇත ඔබගේ අත්
පිහිය අල්ලාම කහට වැදී ඇත ඔබගේ ඇඟිලි

ඒ ඔබේ දුර්වල ශරීරයත්, රැළි වැටුණු මුහුණත්
අපේ ජීවිත කාලය පුරා ගෙවීගිය
සෑම දුක්බර දවසක්ම පිළිඹිබු කරයි .

කොහොම දරා ගත්තද නුඹ මේ තරම් දුකක්
සරල සාමාන්‍ය මනුස්සයෙක් විදියට…..

ආදරණීය පියාණනේ,
සෑම ආත්මයකම නුඹම මගේ පියාණන් ලෙසත්
මම, නුඹේ පුතණුවන් ලෙසත් ඉපදේවා !
එයයි මගේ එකම පැතුම ….

சாதாரண மனிதனாய்

  • எஸ்.இரத்னஜோதி-

  • சாதாரண மனிதனாய் !
    சட்டை உடுத்தி
    சாரம் அணிந்து
    சவாரி செய்யும்போது
    சகலரும் நினைத்தனர்
    உம்மை
    சாதாரண மனிதனென்று

ஆனால்…

சுட்டை உடுத்தினாலும்
சுலிப்பு அற்றவனாய்
சாரம் கட்டினாலும்
சாதுர்யம் கொண்டவனாய்
மரம் வெட்டினாலும்
மாண்பு மிக்கவனாய்..

எத்தனை நாள்
வயிற்றை நிரப்பினாய் -உன்
பிள்ளைகள் சாப்பிடுவதை
பார்த்து ரசித்து

பாதணியே போடாத நீ
பாதணியுடுத்த எம்மை
பாரமாக சுமந்தாயே
அழுக்குப்படுமென்று

எட்டடிக்குள் வாழ்ந்தாலும்
எடடாத கனவைக் கூட
எட்டிப் பிடித்தாயே
எமக்காக
பால் வாளியைத்
தூக்கியே உன்
பழுத்துப்போன கைகள்
கத்திப்பிடித்தே
கறைபட்ட உன் விரல்கள்

சைக்கிளில்
செல்லும்போது
எதிரே வரும்
ஏற்றங்களை
இலகுவாக்கி கொண்டீராமே
எம்
ஏற்றங்களை நினைத்து
உன் வச்சிரமெடுத்த உடம்பும்
வரிசைப்பட்ட அடையாளங்களும் -எம்
ஒவ்வொரு வாழ்நாளையும்
சுட்டிச் செல்கின்றது
எப்படி நீ
தாங்கிக் கொண்டாய்
இத்தனைத் துயரங்களையும்
இருந்தும்
சாதாரண மனிதனாய்

அன்புத்தந்தையே
எத்தனை ஜென்மம் எடுத்தாலும்
நீயே
என் தந்தையாய்
உனக்கே நான் மகனாய்
பிறக்க வெண்டும் !



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

ஜெயகாந்த். ஜானு - எட்டியாந்தோட்டை ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம், ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம். ஒரு வேலை புது வாழ்க்கையை...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular