Wednesday, July 15, 2026
Homeපුවත්යලිත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන්...

යලිත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!

-

නැවත නැවතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ මහතාට එරෙහිව සිතාසි නිකුත් කර තිබේ. ඒ, සමාගම තුළ ඔහුව නීති විරෝධී ලෙස ඉවත් කිරීම අභියෝගයට ලක් කළ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතාට පක්ෂව පූර්ව තීන්දුවක් දීමෙන් පසුවයි.

2024 මාර්තු මාසයේදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ කොළඹ වාණිජ මහාධිකරණය සජිත් රාජපක්ෂ මහතාව සේවයෙන් පහ කිරීමට එරෙහිව කළ අභියෝගයට පිළිතුරු දෙමින් 2024 අප්‍රේල් 30 වැනි දින නියෝගයක් නිකුත් කිරීමට නියම කළේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සජිත් රාජපක්ෂ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ද විනිසුරුවරයා පරීක්ෂණයක් ආරම්භ කළේ, විත්තිකරුවන් විසින් ඔහුව හිටපු තනතුරේ යළි පිහිටුවන ලෙස අධිකරණය කළ නියෝගය නොසලකා හැරීම හේතුවෙනි.

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ උප සභාපති ධූරය දරන කසුන් රාජපක්ෂ, DSI සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ උප සභාපති ඩිල්ෂාන් රාජපක්ෂ සමඟ එක්ව සැක සහිත ව්‍යාපාරවල නිරත වූ බව අධිකරණය හෙළි කර තිබේ. මේ හරහා සමාගම් සමූහයේ මූල්‍ය රෙගුලාසි සහ රටේ විනිමය රෙගුලාසි උල්ලංඝනය කරමින් රුපියල් මිලියන 400 ඉක්මවන මූල්‍ය අවභාවිතා සිදුකර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

මෙතරම් බරපතල චෝදනා එල්ල වී, සජිත් රාජපක්ෂ මහතා යළි සේවයේ පිහිටුවීමට පක්ෂව අධිකරණ තීන්දුවක් ලබාදී තිබියදීත්, කසුන් රාජපක්ෂ දිගින් දිගටම අධිකරණ නියෝග කඩ කරමින් සිටින්නේ දඩුවම් විරහිතවය. මෙලෙස දිගින් දිගටම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබේ. මෙම නඩුවට සම්බන්ධ සෙසු වගඋත්තරකරුවන් වන්නේ චන්දුල ජනිත් රාජපක්ෂ, ලසික රන්දික රාජපක්ෂ සහ වරුණි ද සිල්වා යන අයයි.

2024 අගෝස්තු 2 දිනැති උසාවි නියෝගය මගින් කසුන් රාජපක්ෂගේ නීතිමය නියෝග නොතකා හැරීම අවධාරණය කර තිබෙන අතර ඔහුගේ ක්‍රියාවන් නීතියේ ආධිපත්‍යය යටපත් කරනවා පමණක් නොව DSI සැම්සන් සමූහයේ නායකත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ වගවීම, විනිවිදභාවය සහ වගකීම යන මූලික මූලධර්ම අඩපණ වී ඇති බව පෙනී යයි.

DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට සමාගම් කිහිපයක ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන සහ කැපී පෙනෙන නීති වෘත්තිකයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා, පෞද්ගලික සහ රාජ්‍ය යන දෙඅංශයේම අධ්‍යාපන ආයතන වල අධ්‍යක්ෂ තනතුරු දරන මහාචාර්ය අජන්ත ධර්මසිරි සහ ප්‍රකට ආයතන කිහිපයක අධ්‍යක්ෂ ධුර දරන මයුර ප්‍රනාන්දු ඇතුළත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular