Sunday, January 11, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම...

IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.

-

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, නිර්මාතෘ සහ අධ්‍යයන උපාය මාර්ග හා ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. IIHS ආයතනය මේ දක්වා පැමිණි සාර්ථක ගමනට ඔහුගේ නායකත්වය විශාල පිටිවහලක් විය. රටවල් 36කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ට මානව සම්පත් වෘත්තිකයෝ සහ විශේෂඥයෝ සම්මානලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලියට මඟ පෙන්වූහ. යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට IIHS ආයතනය ගන්නා ක්‍රියා මාර්ග ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා බව මෙමගින් තහවුරු විය.

වර්ධනය, නව්‍යකරණය සහ බල ගැන්වීම කේන්ද්‍ර කර ගත් ධනාත්මක සේවා ස්ථාන සංස්කෘතියක් බිහි කිරීම සඳහා IIHS ආයතනය සතු කැපවීම මේ තුළින් පිළිබිඹු වේ. මෙයද ඇතුළුව පසුගිය කාලය පුරා ලැබූ ජයග්‍රහණ පිළිබඳව IIHS ආයතනය සිය කාර්ය මණ්ඩලය වෙත ප්‍රණාමය පළ කරයි. අඛණ්ඩ ඉගැනීම සහ නව්‍ය අදහස් දිරි ගන්වන IIHS ආයතනය පෙරළිකාර මානව සම්පත් ක්‍රමවේද රැසක්ද හඳුන්වා දී ඇත. ඒ තුළින් නිපුණතා සංවර්ධනය සහ කළමනාකරණය පිළිබඳව නව ප්‍රමිති හඳුන්වා දීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. සෑම සේවකයෙකුටම වටිනාකමක් ලැබෙන සහ ඔවුන්ගේ උපරිම ශක්තියෙන් ආයතනයේ අභිවෘද්ධියට දායක වීමට අවස්ථාව දෙන IIHS ආයතනය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික මෙන්ම වෘත්තීය සංවර්ධනය පිළිබඳව යොමු කරන්නේ ප්‍රමුඛ අවධානයකි.

“අපගේ මානව සම්පත් කණ්ඩායම හරහා සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අප දැක්වූ දායකත්වය පිළිබඳව මට දැනෙන්නේ විශාල ගෞරවයක්. 5,000කට අධික හෙද හෙදියන් පිරිසක් බිහි කිරීම සහ වැඩමුළු 250කට වැඩි සංඛ්‍යාවක් සංවිධානය කිරීම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව ප්‍රාග්ධන සංවර්ධනයට අප විශාල දායකත්වයක් දක්වා තිබෙනවා. අප සංවිධානය කළ 100කට අධික සම්මන්ත්‍රණ සහ පර්යේෂණ ව්‍යාපෘති තුළින් දැනුම හුවමාරු කර ගැනීම සඳහා අප දක්වන උනන්දුව පිළිබිඹු වෙනවා, ඒ සියල්ල සාර්ථකව දියත් කරන්න හැකි වුණේ කැපවීමෙන් යුතුව කටයුතු කරන අපගේ මානව සම්පත් කණ්ඩායම නිසා. සීමා සහිත පහසුකම් මධ්‍යයේ වුවත් ඔවුන් විශාල සාර්ථකත්වයක් ළඟා කර ගෙන තිබෙනවා. ඒ හරහා ‘නව්‍යකරණය තුළින් ජනතාව, ප්‍රජාව, සහ පරිසරය පරිවර්තනයකට ලක් කිරීම’ යන අපගේ දැක්ම යථාර්තයක් බවට පත් වුණා.” විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular