Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම...

IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.

-

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, නිර්මාතෘ සහ අධ්‍යයන උපාය මාර්ග හා ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. IIHS ආයතනය මේ දක්වා පැමිණි සාර්ථක ගමනට ඔහුගේ නායකත්වය විශාල පිටිවහලක් විය. රටවල් 36කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ට මානව සම්පත් වෘත්තිකයෝ සහ විශේෂඥයෝ සම්මානලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලියට මඟ පෙන්වූහ. යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට IIHS ආයතනය ගන්නා ක්‍රියා මාර්ග ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා බව මෙමගින් තහවුරු විය.

වර්ධනය, නව්‍යකරණය සහ බල ගැන්වීම කේන්ද්‍ර කර ගත් ධනාත්මක සේවා ස්ථාන සංස්කෘතියක් බිහි කිරීම සඳහා IIHS ආයතනය සතු කැපවීම මේ තුළින් පිළිබිඹු වේ. මෙයද ඇතුළුව පසුගිය කාලය පුරා ලැබූ ජයග්‍රහණ පිළිබඳව IIHS ආයතනය සිය කාර්ය මණ්ඩලය වෙත ප්‍රණාමය පළ කරයි. අඛණ්ඩ ඉගැනීම සහ නව්‍ය අදහස් දිරි ගන්වන IIHS ආයතනය පෙරළිකාර මානව සම්පත් ක්‍රමවේද රැසක්ද හඳුන්වා දී ඇත. ඒ තුළින් නිපුණතා සංවර්ධනය සහ කළමනාකරණය පිළිබඳව නව ප්‍රමිති හඳුන්වා දීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. සෑම සේවකයෙකුටම වටිනාකමක් ලැබෙන සහ ඔවුන්ගේ උපරිම ශක්තියෙන් ආයතනයේ අභිවෘද්ධියට දායක වීමට අවස්ථාව දෙන IIHS ආයතනය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික මෙන්ම වෘත්තීය සංවර්ධනය පිළිබඳව යොමු කරන්නේ ප්‍රමුඛ අවධානයකි.

“අපගේ මානව සම්පත් කණ්ඩායම හරහා සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අප දැක්වූ දායකත්වය පිළිබඳව මට දැනෙන්නේ විශාල ගෞරවයක්. 5,000කට අධික හෙද හෙදියන් පිරිසක් බිහි කිරීම සහ වැඩමුළු 250කට වැඩි සංඛ්‍යාවක් සංවිධානය කිරීම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව ප්‍රාග්ධන සංවර්ධනයට අප විශාල දායකත්වයක් දක්වා තිබෙනවා. අප සංවිධානය කළ 100කට අධික සම්මන්ත්‍රණ සහ පර්යේෂණ ව්‍යාපෘති තුළින් දැනුම හුවමාරු කර ගැනීම සඳහා අප දක්වන උනන්දුව පිළිබිඹු වෙනවා, ඒ සියල්ල සාර්ථකව දියත් කරන්න හැකි වුණේ කැපවීමෙන් යුතුව කටයුතු කරන අපගේ මානව සම්පත් කණ්ඩායම නිසා. සීමා සහිත පහසුකම් මධ්‍යයේ වුවත් ඔවුන් විශාල සාර්ථකත්වයක් ළඟා කර ගෙන තිබෙනවා. ඒ හරහා ‘නව්‍යකරණය තුළින් ජනතාව, ප්‍රජාව, සහ පරිසරය පරිවර්තනයකට ලක් කිරීම’ යන අපගේ දැක්ම යථාර්තයක් බවට පත් වුණා.” විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular