Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්CBL සමපෝෂ, අඛණ්ඩව 13 වැනිවරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි.

CBL සමපෝෂ, අඛණ්ඩව 13 වැනිවරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි.

-

CBL සමපෝෂ, අඛණ්ඩව 13වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය’ 2025 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය මඟපෙන්වීම සහ මෙහෙයවීම සිදු කරනු ලබයි .

මෙම තරගාවලිය සඳහා පාසල් පාපන්දු තරගකරුවන් 12,000 කට අධික ප්‍රමාණයක් සහභාගී වන අතර, වසර ගණනාවක් පුරාවට මෙම පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා දිවයිනේ පාසල් තුළ දක්නට ලැබෙන උද්වේගකර ප්‍රතිචාරය සුවිශේෂී වේ. දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහ පුරා ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩාංගණ 32 කදී, බාලක කණ්ඩායම් 492 ක් සහ බාලිකා කණ්ඩායම් 118ක් මේ සඳහා සහභාගී වනු ඇත. තරගාවලියේදී දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රාහක බාලක කණ්ඩායම් 32 ක් සහ බාලිකා කණ්ඩායම් 28 ක් වව්නියාව කේන්ද්‍ර කර ගනිමින් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය.

තරගාවලියේ පළමු වටයේ තරග ජනවාරි මස 1දා සිට ආරම්භ වූ අතර දෙවන වටයේ තරග පෙබරවාරි 1, 2 සහ 3 දිනයන්හිදී වව්නියාවේ දී ආරම්භ වීමට නියමිතය. බාලක, බාලිකා දෙඅංශයේම හොඳම ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල් රකින්නා සඳහා ද විශේෂ ඇගයීම් හා සම්මාන තරගාවලිය අවසානයේ දී පිරිනමනු ලබයි.

CBL ආහාර අංශයේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ අවධාරණය කළේය. “ශ්‍රී ලාංකීය පාසල් දූ දරුවන් පාපන්දු ක්‍රීඩාව කෙරෙහි දක්වන උනන්දුව වර්ධනය කිරීම හා ඒ තුළින් සාමූහිකත්වය විනය, සහ අනාගත ක්‍රීඩා අභිලාෂයන් ඔප නැංවීමේ අරමුණින් CBL සමපෝෂ මෙම පාපන්දු තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනවා. දේශීය සමාගමක් හැටියට හැමදාමත් දැයේ දූ දරුවන්ගේ ඉදිරි ගමන් මග උදෙසා අතහිත දීම අපගේ අරමුණ වන අතර මෙම අනුග්‍රහය දැක්වීම තුළින් ද අප බලාපොරොත්තු වන්නේ එයයි.”

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති, ජස්වර් උමාර් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස සලකනු ලබන පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සහ සෑම පුරවැසියෙකු වෙනුවෙන් තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා අපි කැපවී කටයුතු කරනවා. CBL සමපෝෂ 13 වන වරටත් බලගන්වන සමපෝෂ වයස අවුරුදු 14න් පහළ සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාවලියට මෙවරත් සහය දැක්වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මෙම තරගාවලිය හුදෙක් පාපන්දු ක්‍රීඩා තරගයකින් ඔබ්බට යමින් අපේ රටේ අනාගත දරු පරපුර පෝෂණය කිරීමට කටයුතු කරන තරගාවලියක්. CBL සමපෝෂ සමග අත්වැල් බැඳගනිමින්, අපගේ පාසල් ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් අගයනු ලබන තවත් අමතක නොවන පාපන්දු ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීම අපගේ අරමුණයි.”

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති යූ. එස්. ඒ බණ්ඩාර ලීලාරත්න මහතා මෙසේ පැවසීය. “මෙම තරගය සුවිශේෂී වන්නේ රටේ දුර බැහැර නගරවල හා ප්‍රදේශවල සිසු දරුවන්ට මේ සඳහා සහභාගී වීමට සහ තරග කිරීමට අවස්ථාව ලැබීමයි. වයස අවුරුදු 14 න් පහළ කාණ්ඩය මේවන විට සැලකිය යුතු මට්ටමකින් සහ වඩාත් හොඳින් සූදානම් වී සිටිනවා. එම නිසා අපි මෙම වසරේ තරග කිරීම සඳහා දැඩි අපේක්ෂාවකින් පසු වුණා. මෙම උත්සහයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහය වීම පිළිබඳව CBL සමපෝෂ වෙත මගේ ස්තූතිය පුද කරනවා.”

අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂක, ලුතිනන් කර්නල් ජී.ජී. අනුර අබේවික්‍රම මහතා පාපන්දු ක්‍රීඩාවේ වේගවත් වර්ධනය හා ජනප්‍රියත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “මෙම තරගාවලිය, ඇතැම්විට පාපන්දු ක්‍රීඩකයෙකු පළමු වරට තරග කරනු ලබන තරගාවලියක් වීමට පුලුවන්. එම නිසා මෙම තරගාවලිය ඔවුන්ගේ අනාගත ක්‍රීඩා දිවියට විශාල ලෙස බලපානු ලබනවා. මෙවැනි තරග ක්‍රීඩා ක්ෂේත්‍රයට තවදුරටත් අත්‍යාවශ වෙනවා. එම නිසා පසුගිය වසර 13 පුරාවට සමපෝෂ විසින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට ලබදුන් සහයෝගය ඉතා අගය කළ යුතුයි”

සමපෝෂ යනු CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන CBL Plenty Foods (Pvt.) Ltd හි ප්‍රමුඛතම සන්නාමයයි. එය රටේ අංක එකේ පෝෂණීය උදෑසන ධාන්‍යමය ආහාර වෙළඳ සන්නාමය වන අතර, මෙරටේ ගොවි ප්‍රජාවන් සමග ඇති ශක්තිමත් වටිනා සැපයුම් දාමයන් හරහා දිවයින පුරා සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ද ඉහළම ගුණාත්මක පෝෂණය ලබා දෙමින් ඔවුන් බලගැන්වීමට නිරන්තරයෙන් කැපවී සිටින සමාගමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular