Wednesday, July 15, 2026
Homeපුවත්‘කෘතවේදීත්වයේ සත්කාරය’ දහතුන්වන වරටත් සාර්ථකව ක්‍රියාත්මක වේ !

‘කෘතවේදීත්වයේ සත්කාරය’ දහතුන්වන වරටත් සාර්ථකව ක්‍රියාත්මක වේ !

-

තමන් අධ්‍යාපනය ලද පාසලේ වර්තමාන සිසු ගුරු සහ සෙසු සේවක ප්‍රජාවටද තමන්ටත් ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ජීවත්ව සිටින ගුරු මෑණි පියවරුන්ට වාර්ෂිකව තිළිණ ප්‍රසාද ලබාදීමේ පූජ්‍ය පාද පල්ලේගම විජිති හිමියන් දෙණියාය පල්ලේගම ද්විතීයික පාසලේ ක්‍රියාත්මක කරන “කෘතවේදීත්වයේ සත්කාරය” වැඩසටහනේ දහතුන්වන වාර්ෂික වැඩසටහන පසුගියදා (23) පල්ලේගම ද්විතීයික (ජාතික ) පාසලේ පැවැත් වුණි.

ඉන්දියාවේ නවදිල්ලි ශ්‍රී ලංකා වන්දනා නිකේතනයේ පරිපාලන ලේකම් , රජගහනුවර වේළුවනාරාමය, කොළඹ රාජගිරිය ධර්මාශ්‍රාමය යන උභය විහාරාධිපති හා ඉන්දියාවේ ආනන්ද බෝධි සංගමයේ උපසභාපති පූජ්‍ය පාද පල්ලේගම විජිත හිමිපාණන් විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන 2012 වසරේ සිට අඛණ්ඩව පැවැත්වුණි.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ සුවිශේෂ කාරණය වන්නේ පාසලේ ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම සමාන ත්‍යාග කට්ටලයක් ලැබීම සහ ඒ ඒ විෂය සමගාමී දක්ෂයන්ට සුවිශේෂ තෑගි ලැබීමයි. ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම ත්‍යාගයක් අනිවාර්යෙන්ම ලැබෙන ලංකාවේ පවත්වන එකම වාර්ෂික පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය බව මෙහි දී ප්‍රකාශ කෙරිණ.එසේම තමන්ට අකුරු කියාදුන් ගුරු මෑණි පියවරුද එම ස්ථානයට කැඳවා විශේෂ ගුරු පූජා ප්‍රසාද තිළිණ පිරිනැමීම ද පල්ලේගම විජිත හිමියෝ මේ වසර දහතුන තුළ අඛණ්ඩව සිදු කළහ.ඊට අතිරේකව මෙම විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට යන සෑම දරුවෙකුටම විශේෂ ත්‍යාග පිරිනැමීම ද උන් වහන්සේ අඛණ්ඩව සිදු කර ඇත.

ඒ අනුව මෙවර, පල්ලේගම ද්විතීයික පාසලේ අධ්‍යාපන ලබන දරු දැරියන් 800 ට ද පසුගිය වසරේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලද සිසු සිසුවියන් හය දෙනෙකුටද
විෂය දක්ෂයන්,ශිෂ්‍ය භට, ක්‍රීඩා,නර්තන,චිත්‍ර,ගායන හා සංගීත,සිංහල ඉංග්‍රීසි සහ දමිළ භාෂා තරග, පරිසර නියමු භට,ශිෂ්‍ය භට,නව නිපැයුම් තරග,සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තරග වැනි විවිධ විෂය හා විෂය පරිබාහිර ක්ෂේත්‍ර ආශ්‍රිතව විශේෂ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් (225) දෙසීය විසි පහකට සහ කණ්ඩායම් තරග ජයග්‍රහණය කළ කණ්ඩායම් දහයකටද මෙහි දී සුවිශේෂ ත්‍යාග ප්‍රදානය සිදු කෙරින.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ෂාන් වීරසේකර මහතා සිදු කළේය.මෙම උත්සවයට ගරුතර මහා සංඝරත්නය ද මාස්ටර් ගයිඩ් ආයතනයේ සභාපතිනි දිස්නා වනිගසේකර මහත්මියකලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය විදුහල්පතිනි එම්.බී.සුජීවා මහත්මිය විදේශ බෞද්ධ වන්දනා ගමන් සංචාරක සංගමයේ ලේකම් මහේන්ද්‍ර හල්ලොළුව මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප
01.පාසලේ ගුරු මණ්ඩලය සහ පල්ලේගම විජිත හිමියන් සහ වැඩම කළ මහ සංඝරත්නය

  1. පල්ලේගම විජිත හිමියන්ගේ මෑණියන් ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාව.
  2. ශිෂ්‍යාවක් විසින් අඳින ලද පල්ලේගම විජිත හිමියන්ගේ චිත්‍රයක් ප්‍රදානය කළ අවස්ථාව.
  3. තමන් පැවිදි දිවියට ඇතුල් වූ දවසේ තමන් අදටත් දන් වළඳන පාත්‍රය පූජා කළ ගුරු මෑණියෝ.
  4. තිළිණ ප්‍රසාද ලද විශ්‍රාමික ගුරු භවතුන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular