Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකකැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය...

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි

-

වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ් NFC පහසුකම් සහිත ස්මාට් දුරකථනයට Tap කිරීමෙන් ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් කළ හැකිය. මුදල් නෝට්ටු භාවිතයෙන් සහ පොෂ් යන්ත්‍ර භාවිතයෙන් ඉදිරියට ගොස් විධිමත් හා නව්‍ය ගෙවීම් ක්‍රමවේදයක් මේ හරහා ඉදිරිපත් කර ඇත.

“මෙම සහයෝගීතාව විශාල දිගු පියවරක්. Tap to pay මගින් නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙනවා පමණක් නොව රියැදුරන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ඔවුන්ගෙන් ලැබෙන සේවය වඩාත් ශක්තිමත් කිරීමටත් මෙය යොදා ගන්නවා. මෙම සේවාව ගෙවීම් වඩාත් පහසු හා ඉක්මන් කරනවා. කවරාකාර ගමනක් වුවද ඒ ඒ ආකරයට විස්තර ඇතුල් කර පහසුවෙන් කුලී රථ වෙන් කර ගන්න පුළුවන්. අඛණ්ඩව සේවය සපයන දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් මගින් පාරිභෝගිකයන් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීමත්, යාවත්කාලීන වූ වෙබ් අඩවිය සමඟ ඉහළ සේවයක් සැපැයීමත් මඟින් කැන්ගරු කැබ්ස් ආරක්ෂාකාරී, සුව පහසු ගමනකට ඉඩ සළසා දෙනවා. Genie Business සමඟ හවුල්කාරිත්වයෙන් Kangaroo Cabs කාර්යක්ෂමව ගාස්තු ස්වයංක්‍රීයව අය කර ගන්නා අතර කාලය අවම කර ගැනීමටත්, නිවැරැදි ගෙවීම් විස්තර සඳහන් වීමටත් ඉඩ සළසා දෙනවා.” කැන්ගරු කැබ්ස් මූල්‍ය අධ්‍යක්ෂ කුසල් ෆොන්සේකා මහතා පැවැසීය. කැන්ගරු කැබ්ස් www.kangaroocabs.com වෙබ් අඩවිය හරහා ඉක්මනින් සහ පහසුවෙන් කුලී රථ වෙන් කර ගැනීමට අවස්ථාව සළසා ඇත. එසේම කැන්ගරු කැබ්ස් Miles හඳුන්වා දෙමින් දෛනික පාරිභෝගිකයන්ට වටිනාකමක් සපයයි. සෑම සැතපුමකටම රුපියලක් පාරිභෝගිකයාට එකතු වෙන Kangaroo Miles පාරිභෝගිකයන් වෙනුවෙන්ම ක්‍රියාත්මක වන වැඩසටහනකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular