HDFC බැංකුව විසින් සංවිධානය කරන ලද, සීමිත ඉඩකඩ සහිත පරිසරයේ වගාකිරීමේ තාක්ෂණික ක්‍රම සම්බන්ධ විශේෂ වැඩසටහන, Hyde park Corner ශාඛා පරිශ්‍රයේදී පසුගිය දිනක සාර්ථකව පැවැත්විණි.
HDFC බැංකුව මෙම කාර්යයට මුලපිරීමේ අරමුණ වූයේ, ඉදිරි කාලයේදී උද්ගත විය හැකි ආහාර හිඟයට සාර්ථකව මුහුණ දීමට අවැසි වටපිටාවක් සැකසීමට ශක්තියක් වීමයි. ඒ අනුව, නාගරික පරිසරය ඉලක්ක කරගනිමින් සීමිත ඉඩකඩක ඵලදායීව වගාකිරීමට අවශ්‍ය බීජ පැළ හා පොහොර පිළිබඳ දැනුම අවබෝධය ප්‍රජාවට ලබාදීම ප්‍රධාන අභිලාෂය විය.

