Tuesday, May 26, 2026
Homeරූ රටානවසීලන්තයේ දී පදක්කම්ලාභී ප්‍රථම ලාංකික කායවර්ධන ශූරයා

නවසීලන්තයේ දී පදක්කම්ලාභී ප්‍රථම ලාංකික කායවර්ධන ශූරයා

-

අර්බුද රැසකට මැදිව කල් ගෙවන මෙවැනි මොහොතක ලෝකයේ කොහේ හෝ තැනක ලංකාවේ නම තියන්නට

සමත් වන්නට යමෙකුට හැකි වන්නේ නම් එය මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවටම ආඩම්බරයට, සැනසිල්ලට කරුණකි. මේ එවැනි ජයග්‍රහණයක් සනිටුහන් කෙරූ පුද්ගලයෙකි. ඒ ලෝකයම පිළිගත් ස්වභාවික කායවර්ධන සංවිධානයක් වන අයි/සී/එන් (ICN New Zealand | New Zealand’s Premier Natural, Drug Tested Feder සංවිධානයෙන්  නවසීලන්තයේ දී පදක්කම්ලාභී ප්‍රථම සහ එකම ලාංකිකයා වන්නේ ඔහුයි. ඔහු දිනාගත්තේ  

🥇GOLD- 1st Place Men’s Fitness Novice 

🥇GOLD- 1st Place Men’s fitness Open

🥉BRONZE- 3rd Place Men’s Physique 30+

සහ

National Men’s Fitness Model Overall Championship TROPHY 2022 යන පදක්කම් ය.

පදක්කම් දිනූ මොහොතේ ඔහු News Asia වෙත මෙසේ අදහස් දැක්වූයේ ය. 

” ඕනෑම ක්‍රීඩාවක ජාතික තරගයක,ජාතික ශූරතාවක් දිනා ගැනීම හැම ක්‍රීඩකයෙක්ගෙම තියෙන ලොකු සිහිනයක් සහ බලාපොරොත්තුවක්. නවසීලන්තය වගේ රටක කායවර්ධන ක්‍රීඩාවෙන් ජාතික තරගයක,ජාතික ශූරතාවක් දිනාගැනීම ශ්‍රී ලාන්කිකයෙකු වන මට සිහිනයකටත් එහා ගිය අති විශාල අභියෝගක්. ඒ අභියෝග සියල්ල ඉතා අසීරුවෙන් ජයගෙන කෙටි කාලයක් තුල, නවසීලන්තයේ 2022 අයි/සී/එන් ජාතික කායවර්ධන ශූරතාවලියේ “පිරිමි ෆිට්නස් මොඩල්” සමස්ත ශූරතාවය දිනාගෙන, 2022 වසරේ නවසීලන්තයේ ජාතික ශූරයාවීම වීම තවමත් මට අදහාගත නොහැකි සිහිනයක්.

ඒ සිහිනයක් ලෙසින්ම මිය යාමට තිබූ සිහිනය, දැඩි කැපවීම, අධිෂ්ඨානය තමන් ගැන තැබූ විශ්වාසය, උත්සාහය නිසා දැන් සැබෑවක් වී අවසන්. සිහින මැවීම සාමාන්‍ය දෙයක් නමුත් ඒ සිහින සැබෑ කර ගැනීමට වැඩ කිරීම තමන්ටම ඇති ලොකු වගකීමක්. වෙන කිසිවෙකුත් ඔබ වෙනුවෙන් වැඩකර දීමට බැදී නොමැත සහ කරදෙන්නේ නැත.ඔබේ ජය හෝ පරාජයේ තීරකයා ඔබයි. හීන වලට පණ දෙන්න ඔබට පුලුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ගුරු බැති පුදට පිදු දාගැබ

ස්වකීය ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත...

“හදගැස්ම” නොනැවතී ඉදිරියට !

රංගන ශිල්පී අකිල සඳකැළුම් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ කුලුදුල් සිනමා නිර්මාණය ‘හදගැස්ම’ මේ වන විට දිවයින පුරා සිනමා ශාලාවන්හි අති සාර්ථකව තිරගත වේ. ඒ ඔස්සේ...

“හදගැස්ම” නොවැම්බර් 01 දා සිට රිදී තිරයේ !

සිංහල සිනමා වංශකතාවට එක්වන නවතම සිනමා සිත්තම ලෙස "හද ගැස්ම" චිත්‍රපටය එළඹෙන නොවැම්බර් මස 1 දින සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින...

පැය 6 කින් මිලියන 3ක් වශී කරගත් යොහානි.

 ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයේ අන්තර්ගතව ඇති මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදනය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමග එම ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක්...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular