Wednesday, July 15, 2026
Homeපුවත්ආර්ථිකත්‍රෛලෝක විජය පත්‍ර ඩොලර් වලින් පවන් සලයිද ?

ත්‍රෛලෝක විජය පත්‍ර ඩොලර් වලින් පවන් සලයිද ?

-

කාලෙන් කාලෙට සතියෙන් සතියට අළුත් අළුත් මාතෘකා වේදිකාවට එනවා. ඉතින් කාලයක් තිස්සේ ලංකාවෙ තැන් තැන් වල කතා කරපු දෙයක් තමා දැන් දියවන්නාව පැත්තෙන් ඇහෙන්නෙ.

ඒ තමයි ගංජා ගැන කෙරෙන සාකච්ජාව. ගංජා නොහොත් කංසා එහෙම නැත්තං මරුජුවානා නැත්තං ඉතින් ත්‍රෛයිලෝක වියජ පත්‍ර. නම් නං හැට හුටාමාරක්ම තියනවා ඔය මොන නමකින් කතා කලත් ඕකෙන් අපේ ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් වෙයිද ?

එහෙම හිතන එකත් අර කොහෙවත් ඉන්න දියසෙන් කෙනෙක් ඇවිත් රට ගොඩදාලා අපිව තුසිතෙ එක්කං යයි වගේ සීන් එකක්ද කියලා සමහරුන්ට හිතෙයි. ඇත්තටම ඔය කියන තරම් ගංජා වලින් අපිට ඩොලර් පැටව් ගස්ස ගන්න පුළුවන් නම් ඇමරිකාව තිරුඟු වගාකරන එක නවත්තලා ජාතික පුෂ්පය ගංජා මල කරලා පේටන් එකත් මේ වෙද්දී අරං.

subject එක ගැන දන්නෙ නැති කට්ට්ය මවන ෆැන්ටසි කතාව තමා ගංජා economyයක් හදලා අපි දියුණු වෙමු කියන කථාව. ඕක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. ගංජා ලොකේ වැඩි ප්‍රවනතාවයිකින් භාවිතා කරන්නේ මත්ද්‍රව්‍යක් ලෙස ජාන විකෘති කරලා හදන කැනබි variant වල THC අගය වැඩියි ඒ් කියන්නේ මත්වෙන ප්‍රතිශතය වැඩී තවත් සරලව කිව්වොත් තනකොළ ගලවං යන්න වදිනවා කියන එක.

ඒ වගේ variant හදන්නේ රසායානාගාර ආශ්‍රිතවයි.දැඩි පාලිත තත්වයන් යටෙත් විශාල ආයෝජනයක් කරලා කරන්න ඕන වැඩක්,කැනඩාව හා ඔස්ට්‍රේලියාව වගේ රටවල විශාල වශයෙන් ඒ වගේවගේ රසායනාගාර ගංජා නිශ්පාදනය කරනු ලබනවා. ඕක ගැන දන්න කට්ටිය දන්නවා කුඹින්ගෙන් දැලඹුවෝ මියෝ තව තව කෘමින් ගෙන් බේරගන්න නං ළමයි බලාගන්නවා වගේ පැළ බලාගන්න ඕනේ කියලා.

අනිත් වැඩිපුර යොදාගන්න කාණ්ඩය තමා ඖෂධ ලෙස යොදා ගන්න ගංජා කාණ්ඩය. මෙහි මත්කාරක අඩු ප්‍රතිශතයක් තමා තියෙන්නේ. පිලිකා රෝගින්ට, මානසික ආතතිය ඇති රෝගින්ට යුරෝපයේ වෛද්‍ය නිර්දේශතව ලබාගන්න පුළුවන් ආයුරුවේදය හා සිංහල හෙළ වෙදකමේදි ඉතා බහුලව ගංජා භාවිතා වෙනවා. වස්ති, මදන මෝදක, අරිශ්ඨ ගුලි ,කලල්ක, ඉසකුඩිච්චි, දුම්හට්ටි හා කැද වලටද යොදාගනු ලබන ගංජා ප්‍රධානම ඖෂදයක් ලෙස භාවිතා කරනු ලබනවා

Martket product විදියට ගත්තම බෙහෙත් හා මත්ද්‍රව්‍ය වලට අමතරව සබන්, අයිස්ක්‍රීම්, සුවද විලවුන්, හදුම්කුරු, බිස්කට්,රූපලාවන්ය හා චොක්ලට් ව‌ගේ එකි මෙකි නොකි බඩු ගොඩක් ගංජා ආශ්‍රිතව හදනවා ඒවගේම ලොකයේ වෙළඳපළ පංගුව විදියට ඩොලර් බිලියන 13.2 ක් 2021 වසෙර්දි සදහන් වෙනවා.

අතීතයේ අපිත් ගංජා කුළුබඩුවක් විදියට පාවිච්චි කරපු විදිය රොබටර් නොක්ස්ගෙ එදා හෙළදිවෙන් හොයාගන්න පුළුවන්.නිකං පරණ මනුස්සයෙක් ගෙන් ඇහැව්ව් කියයි මස් බුරුල් වෙන්න හොද්දට කොළයක් දෙකක් දානවා කියලා. ඉතින් ගංජා කියන්නේ අවිවාදයෙන්ම multi use කරන්න පුළුවන් පට්ට material එකක් .

ඒ්වගේම ගංජා කියන්නේ අපේ සමාජෙට නුහුරු නුපුරුදු දෙයක් නෙමයි. එත් ඔය හේන් වගා කරලා ගංජා තෙල් බෝතල් කරලා රට යවලා ආර්ථිකේ ගොඩදාන කතා නං ඉතින් ෆැන්ටසි තමා.

අවුරුදු 150ක් විතර පරණ Ceylon Tea එක Brand කරගන්න බැරුව market එක කෙල කරගත්තු අපි ගංජා වලින් ලෝකය ජයගනි කියලා හිතන්න නං එපා. ඒ්ක ඒහෙන් පිටින්ම තඩි මුලාවක්.

ඉස්සෙල්ලාම අපිට නිසි අධ්‍යන හා පර්යේෂණය අවශ්‍යයි ප්‍රාමානික වෘතිකයින්ට මේ වැඩේ බාර දෙන්න ඔනෙ. ඒවගේම නීති සම්පාදනය විය යුතුයි මොකද මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ගංජා තෙල් දාලා ටොපි, ලොසිංජර, කිරිටොපි පාසල් ළමුන් අතට බොහෝම ඉක්මනින් පත්වෙන්න පුළුවන්. සකල සිරිං පිරි සිරි ලංකාවේ ඒ් වගේ වැඩ නං හෙනම වේගෙන් සිද්ද වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ඒක නිසා නිසි ක්‍රමවේදයක් හා දිගුකාලින සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඔනේ නැත්තං කූඥ්ඥෙ ගෙලෝපු රිලවට වෙච්ච දේ තමා අපිටත් වෙන්නෙ කියලා හොදට මතක තියා ගන්න ඔනේ.

අනිත් අතට ගත්තත් ලොකයෙ ගංජා වෙළදපල ඉතා විශාල එකක් නෙමේ. ඒ වගේම එයට අති විශාල පාරිබෝගිකයින් සංඛාවකුත් නෑ පාන් පිටි, සිනි, ආයුධ ,මෝටර් රථ ,ඉලෙක්ට්‍රොනික් වෙළදපළපළ පංගුව එක්ක සදන්නවත් බැ. උදාහරණයක් ගත්තොත් සිනි ප්‍රධාන අමුදව්‍ය කරගත්තු කොකා කෝලා වල market cap එක ඩොලර් බිලියන 235.77 ක අගයක් ගන්නවා.ගංජා වලට ඒ තැනට යන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා කියලා ඔයාලට තේරෙනවනේ.ඉතින් අපි බලන්න ඔනේ හොද ශක්‍යතා අධ්‍යනයක් කරලා ගංජා economy එක අපිට ගැලපෙනවද කියලා. එහෙම නැතුව කඩි මුඩියේ ගංජා වලින් ඩොලර් ගේමු කියලා ගංජා නීති ගත කරලා පිස්සු කෙලියොත් ඒකත් හරියට හරිත කෘෂි කර්මෙට වෙච්ච නස්පැතියම තමා උරුම වෙන්නේ. එක හරියට ගොනත් ඇනලා ගහෙන් වැටිලා ඉද්දි දුවං ගිහිං තඩි වලකට පැන්න සීන් එකක් වගේ වෙනවා

එක එක් කෙනාට ජනප්‍රියවෙන්න මාතෘකා හදාගන්න එක පැත්තකින් තියලා ශාස්ත්‍රීය අධ්‍යනයක් මගින් නව නිර්මාණ හා නවෝත්පාදන අතිවිශාල ප්‍රමානයක් ගංජා ආශ්‍රිතව සිදුකරන්න පුළුවන්. එහෙම නැතුව අදුරෙ අතපත ගාන වැඩ නොකර නිසි ක්‍රමවේදයක් යටතේ ගංජා නෙමේ ඔනෑම බෝග වගාවකින් ජාත්‍යන්තර වෙළඳපලෙන් විශාල පංගුවක් අයිතිකරගන්න අපිට පුළුවන්. මේ කතාව ලත් තැනම ලොප් නොකර නිසියාකාර ක්‍රම හා වැඩපිලිවෙලක් යටතේ ගෙනගියොත් අපිට ඩොලර් ගේන එක simple case එකක්.

ජනත් පෙරේරා (Advocata)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular