Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්අමාමි සන්නාමය 30 වැනි සංවත්සරය සමරයි !

අමාමි සන්නාමය 30 වැනි සංවත්සරය සමරයි !

-

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit)  නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ  (Amami) අමාමී සන්නාමයේ  (www.hotelsupplies.lk) 30 වන සමරු උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට “එයා ෆ්රෙෂ්නර්” සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්‍යාපාරය වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන්, සුවඳ කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි.

ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථක ප්‍රතිඵල අත්විඳින අමාමි නිෂ්පාදන (0777576639) සඳහා සංචාරකයන්ගෙන්ද ඉහළ ප්‍රතිචාර ලැබී ඇත. එම නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස්, අනන්තය ආදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි. මෙම සියලු නිෂ්පාදන දේශීය අමුදව්‍යවලින් මෙරටදීම නිපදවන අතර අමාමී කර්මාන්තශාලාවේ පනහකට අධික පිරිසකට රැකියා සපයා ඇත. 

“වසර තිහක් අඛණ්ඩව ව්‍යාපාරයක් දියුණු කරමින් පවත්වා ගෙන ඒම ලංකාව වගේ රටක විශාල අභියෝගයක්. සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් උදෙසා සුවඳවත් සහ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සපයමින් අපි අපේ ව්‍යාපාරයේ විශිෂ්ටත්වය තහවුරු කළා. ඒ වගේම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු වැඩි පිරිසකට රැකියා දෙමින් පවුල් රැසකට ශක්තියක් වෙන්න ව්‍යාපාරයක් හැටියට අපට පුළුවන්කම ලැබුණා. ඉදිරියේදී අපි ආයුර්වේද නිෂ්පාදන රැසකුත් වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. පියවරින් පියවර ඉදිරියට ආ අපේ ව්‍යාපාරයේ වගකීම් මගේ දියණිය හර්ෂලා සහ පුතා රනුක වෙත බාර දී මම ඔවුන්ට උපදෙස් දෙමින් දැන් කටයුතු කරනවා. මේ හැම දෙයක්ම සාර්ථකත්වයට රැගෙන ගිය මගේ ප්‍රධානම ශක්තිය ආදරණීය බිරිඳ වෛද්‍ය ප්‍රියානි ද සිල්වා, මගේ ව්‍යාපාර දිවියට සවියක් වූ ගැනුම්කරුවන්ට, පාරිභෝගිකයන්ට, කාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.” අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular