Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Phoenix නවතම ශාඛාව බත්තරමුල්ලේදී උත්කර්ෂවත් ලෙස විවෘත වේ !

Phoenix නවතම ශාඛාව බත්තරමුල්ලේදී උත්කර්ෂවත් ලෙස විවෘත වේ !

-

නිවසට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිල දී ගැනීමට ඔබට පහසුකම් සපයන Phoenix සමාගම එහි නවතම ශාඛාව පසුගියදා බත්තරමුල්ල නගරයේදී විවෘත කළේය. මෙම ශාඛාව විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ කොළඹ, බත්තරමුල්ල, මාලඹේ, පැලවත්ත සහ තලවතුගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක් සහිත Phoenix නිෂ්පාදන මිල දී ගැනීමට පහසු ප්‍රවේශයක් සැළසීමයි. 

අලුතින් විවෘත කරන ලද ශාඛාව අද්විතීය අත්දැකීම් සහිත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර පාරිභෝගිකයන්ට ආකර්ශනීය සාප්පු සවාරි අත්දැකීමක් ලැබීමට ඉඩ සළසයි. එහිදී පුළුල් පරාසයකින් යුතු නිෂ්පාදන රැසක් අතරින් සිය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

නවෝත්පාදන, ගුණාත්මකභාවය සහ කාලීන නිර්මාණ සඳහා Phoenix සමාගමේ කැපවීම පිළිබිඹු වන ආකාරයෙන් බත්තරමුල්ල නගර ශාඛාව සැළසුම් කර තිබීම සුවිශේෂත්වයකි. පාරිභෝගිකයන්ට ඔවුන්ගේ නිවස පාරාදීසයක් බවට පරිවර්තනය කර ගත හැකි ආකාරයේ ගෘහ භාණ්ඩ සහ නිවසට අවශ්‍ය වෙනත් භාණ්ඩ සහ උපකරණ මෙන්ම කාර්යාලයීය උපකරණ විශාල එකතුවකින් මෙම ශාඛාව සමන්විත වේ.

මෙම නවතම ශාඛාව විවෘත කිරීම තුළින් නිවසට අවශ්‍ය භාණ්ඩ සපයන්නන් අතර Phoenix හිමි කර ගෙන ඇති ප්‍රමුඛ ස්ථානය වඩාත් තහවුරු කර ගැනීම  සමාගමේ අරමුණයි. විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන සැපයීම හරහා  සෑම පාරිභෝගිකයෙකුම තෘප්තිමත් කිරීමට Phoenix සමාගම ඇප කැප වී සිටී. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන පාරිභෝගිකයන්ගේ ජීවිතවල කොටසක් බවට පත් වන ආකාරයේ නිෂ්පාදන බිහි කිරීමට මෙය මහඟු පිටිවහලක් වනු ඇති බව Phoenix සමාගමේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular