Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්මත්පැන් බෝතල් වල ආරක්ෂක ස්ටිකර් සමාගමට අලුත් නියෝගයක්

මත්පැන් බෝතල් වල ආරක්ෂක ස්ටිකර් සමාගමට අලුත් නියෝගයක්

-

ව්‍යාජ මත්පැන් ස්ටිකර් හදුනා ගැනීමට පාරිභෝගිකයන්ට හා සුරාබදු දෙපර්තුමේන්තුවට හැකිවන පරිදි ජංගම යෙදවුම් වැඩි දියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගම වෙත නියෝග කළේය.

උක්ත කාරක සභාව පසුගියදා (ජූලි 24) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර,  එහිදී වෙළෙඳ පොළේ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාද යන්න හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැතිබවට නිරීක්ෂණය කර තිබිණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ගරු පාඨලී සම්පිකරණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝ. 10) පාර්ලිමේන්තුවේදී රැස්විය. කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයෙකු කැඳවා තිබිණි.

මෙම ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණ 200ක් පසුගිය මාර්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත් මේ දක්වා එම උපකරණ භාවිත කර නොමැති බවද මෙහිදී අනාවරණය විය. එම උපකරණ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කිරීම මේ මස (අගෝස්තු) 30 වැනි දින වන විට සම්පුර්ණ කරන ලෙස අදාළ සමාගම වෙත සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන්ගේ අප්‍රසාදය පළ විය. එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බව දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

එමෙන්ම , ව්‍යාජ ස්ටිකර් අලවා ඇති මත්පැන් බෝතල් හඳුනා ගැනිම සදහා සිදුකළ වැටලීම් වල තොරතුරු මෙන්ම අත්අඩංගුවට ගත් ව්‍යාජ මත්පැන් බෝතල් නිෂ්පාදනය කළ හා අලෙවි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් 2023 සැප්තැම්බර් 15 වැනිදාට පෙර කටයුතු කරන ලෙස  සභාපතිවරයා නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

එසේම උක්ත ස්ටිකරය සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි පිළිබද විමසු කාරක සභාව සමාගම් කිහිපයක් පමණක් එම ස්ටිකරය භාවිත නොකිරීමට නීතියේ ඇති ප්‍රතිපාදන නිවැරදි කර සියලු සමාගම් නිෂ්පාදනය කරන මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවිම අනිවාර්ය කරන ලෙස ද  සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

එ‍මෙන් ම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු බිලියන 7ක හිග මුදල් මෙම වර්ෂයට හා පෙර වර්ෂවලට අදාළව හිග බදු මුදල් අයකර ගැනීමට සැලසුම ඔක්තෝම්බර් මස 30 වන දිනට පෙර කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද සභාපතිවරයා ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත දැනුම් දුන්නේය. එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීම් සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

තෙනුලි රයත්මා ප්‍රේමරත්න.-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular