Tuesday, May 26, 2026
Homeපුවත්ආර්ථිකනවලෝක රෝහල් සමූහය සිය Home care සේවාවෙන් නව පියවරක් තබයි .

නවලෝක රෝහල් සමූහය සිය Home care සේවාවෙන් නව පියවරක් තබයි .

-

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සුව සේවා අංශයේ පුරෝගාමියෙකු වන නවලෝක රෝහල් සමූහය Home care සේවා වැඩි දියුණු කරමින් සිය ගුණාත්මක සහ හෘදයාංගම සෞඛ්‍ය සත්කාර සේවාවන්හි නව ඉදිරි පියවරක් තබා ඇත.

නවලෝක රෝහල් සමූහයෙහි මෙම සුවිශේෂී සත්කාර සේවා පැකේජය රෝගියාව ස්නානය කිරීම සහ ඇඳුම් ඇන්ඳවීම වැනි දෛනික කටයුතු වල පටන් සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා දක්වා වූ පෘථුල සත්කාරක සේවා පරාසයකින් යුක්තය. විශේෂිත සෞඛ්‍ය අවශ්‍යතා ඇති සියලූම රෝගීන්ට ඉහළම ප‍්‍රමිතියෙන් යුත් ප‍්‍රතිකාර ලැබෙන බව සහතික කරමින් NG feeding, PEG feeding සහ Tracheostomy හ සත්කාර ඇතුළු විශේෂඥ සේවා සපයන සුව සේවකයින් කණ්ඩායමක් ද Home care සේවාව වෙනුවෙන් කැපව ඇත.

”ශ‍්‍රී ලංකිකයින්ට අද්විතීය හා නව්‍ය සේවාවන් සපයමින්, රෝගීන් සඳහා සුවිශේෂී සුව සේවාවක් ලබා දීමට හැකි වීම පිළිබඳව නවලෝක රෝහල් සමූහය වශයෙන් අපි ආඩම්බර වෙනවා. අපගේ කාර්යය මණ්ඩලය 24/7 රෝගීන් වෙත අවධානය යොමු කිරීමත් සමඟ, අපට ඔවුන්ගේ සියලූ අවශ්‍යතා ඉහළින්ම සපුරාලීමට හැකිව තිබෙනවා. විශේෂයෙන්  ඕනෑම හදිසි සේවාවක් සඳහා, වෛද්‍ය උපදෙස් හෝ වෛද්‍ය පරීක්ෂණ සඳහා සෘජුවම රෝහල හා සම්බන්ධ විය හැකියි. නවලෝක Home care සේවාව හරහා රෝගීන්ට වඩාත් පහසුවෙන් සිය සෞඛ්‍ය අවශ්‍යතා සපුරාගත හැකි අතර එවැනි සේවාවක් දියත් කිරීමට ලැබීම ගැන මම වඩාත් සතුටු වෙනවා.” යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසීය.

නවලෝක රෝහල් සමූහය විසින් ගුණාත්මක භාවය සඳහා වන නොසැලෙන කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස එක් එක් රෝගියා සඳහා අවශ්‍ය සත්කාර සැලසුම් ^care plans& හදුන්වාදී ඇත. මෙම care plans සැලසුම් කර ඇත්තේ ඔවුන්ගේ විශේෂිත අවශ්‍යතා සහ කැමැත්ත වෙනුවෙන් වන අතර, ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් උසස් තත්වයේ සේවාවක් සැපයීම එහි අරමුණයි. එමෙන්ම ආහාර ලබාදීම, ඖෂධ පරිපාලනය, Tracheostomy සත්කාර සහ ශ්වසන සත්කාර යන සියල්ලම රෝහලේ home nursing care වෙතින් ඉටු කරයි.

නවලෝක රෝහල් සමූහයෙහි ගුණාත්මක භාවය සහ විශේෂඥභාවය පිළිබඳව අපගේ සුවිශේෂී සේවා ජාලය සාක්ෂි දරයි. සත්කාරක කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුම NVQ 3 හෝ 4 මට්ටමේ නිපුණත්වයක් සහිත වන අතර එය උසස් තත්වයේ සෞඛ්‍ය රැකවරණයක් ලබා දීමේ හැකියාව සහ වෘත්තීයභාවය පෙන්නුම් කරයි. එසේම මෙම සහතිකය මගින් රෝගීන්ට පුළුල් පරාසයක සෞඛ්‍ය සේවාවන් ලබාදීමට අවශ්‍ය සඵලතාවයන් සහතික කරයි.

”අපගේ කාර්යය මණ්ඩලය විශේෂඥ සහ හෘදයාංගම සේවාවක් ලබාදෙනවා. ඔවුන්ගේ පුහුණුව, පුළුල් අත්දැකීම් සහ නොසැලෙන කැපවීම සමඟින්, රෝගීන් අපේක්ෂිත මට්ටම ඉක්මවා සේවාවන් සපයනවා. සංකීර්ණ සෞඛ්‍ය තත්වයන් හැසිරවීමේ ඔවුන්ගේ ප‍්‍රවීණත්වය, රෝගීන් කෙරෙහි ඔවුන්ගේ අව්‍යාජ සංවේදනය සමඟ ඒකාබද්ධව, අපගේ සේවාදායකයින්ට අවශ්‍ය සත්කාරයේ ඉහළම ගුණාත්මක බව සහතික කරනවා. රැකවරණය පිළිබඳ අසමසම ප‍්‍රවීණතාවයන් නිරතුරුව පෙන්නුම් කරන උපස්ථායක කණ්ඩායමක් සිටීම ගැන අපි ආඩම්බර වෙනවා.” යනුවෙන් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා තවදුරටත් අවධාරණය කළේ ය .

-තෙනුලි රයත්මා ප්‍රේමරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular