Tuesday, May 26, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්දකුණු ආසියාවේ විශාලම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාරක නිවාසය ගල්කිස්සේදී විවෘත වේ.

දකුණු ආසියාවේ විශාලම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාරක නිවාසය ගල්කිස්සේදී විවෘත වේ.

-

වසර 16කට පෙර 2007දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම ගෘහස්ථ හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගම (www.royalnursinghome.com) සිය තෙවැනි වැඩිහිටි සත්කාරක නිවාසය පසුගියදා ගල්කිස්සේදී විවෘත කළේය. ගාලු පාරට ආසන්නව ගල්කිස්ස නගරයේ අක්කර දෙකක අලංකාර භූමියක පිහිටා තිබුණු Palm Beach තරු හතරේ හෝටලය මෙලෙස සුඛෝපභෝගී පහසුකම් සහිතව, කාමර 100කින් සමන්විතව, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව, ISO 9001-2015 තත්ත්ව සහතිකය සහිතව, වැඩිහිටි සත්කාරක නිවාසයක් බවට පරිවර්තනය කර ඇත. මෙය දකුණු ආසියාවේ පළමු විශාලම හා සුඛෝපභෝගීම වැඩිහිටි සත්කාරක නිවාසය වීම සුවිශේෂත්වයයි.

ගල්කිස්ස ශාඛාවේ නේවාසික කළමනාකරු චරිත ජයසිංහ මහතා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් හා විවේකීව ගත කිරීමට මෙම වැඩිහිටි සත්කාරක නිවාසය සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් පරිපූර්ණ කර ඇති බවයි. දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, විදේශවල පදිංචි හා විදේශවල රැකියාවල නියුතු දරුවන්ගේ ආදරණීය දෙමව්පියන්ට ආරක්ෂිතව, සෞඛ්‍ය සම්පන්නව, ආත්ම අභිමානයෙන් යුතුව වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රැකවරණය සහිතව ජීවත් වීමට දේශීය විදේශීය ප්‍රණීත ආහාර පාන හා සියලු පහසුකම් සමඟ එක් මාසයක් සඳහා කාමර ගාස්තුව ඇමරිකානු ඩොලර් 560න් ඇරැඹේ. වැඩි විස්තර 0711600600 දුරකතන අංකයෙන් ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular