Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්සම්ප්‍රදායික ‘අරාබි රස’ රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ!

සම්ප්‍රදායික ‘අරාබි රස’ රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ!

-

අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත කිරීමේ උත්සවයට මැද පෙරදිග කළාපයේ තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද සහභාගී වූහ. ලෙබනන් චෙෆ් පෞද්ගලික සමාගම ඇරැඹූ පළමු අවන්හල මෙය වන අතර ඉදිරියේදී මෙරට සංචාරක කේන්ද්‍රස්ථාන රැසකට සිය අවන්හල් ජාලය ව්‍යාප්ත කිරීමට සමාගම අපේක්ෂා කරයි.

උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා ලෙබනන් චෙෆ් අවන්හල විවෘතව පවතී. සාම්ප්‍රදායික අරාබි කෑම වට්ටෝරුවලින් සපිරි ලෙබනන් චෙෆ් අවන්හලේ සියලුම සූපවේදීන් අරාබි ජාතිකයන් වීමද සුවිශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් පවතින මොහොතක විශේෂයෙන් මැද පෙරදිග සංචාරකයන් ඉලක්ක කර ගෙන මෙම අවන්හල විවෘත කළ බව එහි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ මහතා පැවසීය.

“ලංකාවට ඉතා සමීපව පිහිටා ඇති මැද පෙරදිග බොහෝ රටවල සිට සතියකට සෘජු ගුවන් ගමන් වාර රැසක් ලංකාවට ක්‍රියාත්මක වෙනවා. විශාල ජනගහණයක් සිටින මැද පෙරදිගින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉහළ විභවතාවක් පවතිනවා. වසර 40ක පමණ සිට ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් මැද පෙරදිග රැකියාවල නිරත වී ඇති නිසා එම රටවල ජනතාව හා ශ්‍රී ලාංකිකයත් අතර සමීප සම්බන්ධතාවක් පවතිනවා. වසරකට අරාබි සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට තමන්ට ආවේණික ආහාර රස විඳීමට දිවයින පුරා පැතිරුණු අරාබි අවන්හල් ජාලයක අවශ්‍යතාව ඉතා තදින් පවතිනවා. එම අඩුව සම්පූර්ණ කිරීමට තමයි අවන්හල් ජාලයක පළමු අවන්හල ලෙස ලෙබනන් චෙෆ් කොල්ලුපිටිය ප්‍රධාන ශාකාව විවෘත කළේ.” බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ මහතා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular