Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්American Plastics ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

American Plastics ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

-

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වන American Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 2022දී ඇරැඹුණු American Plastics සමාගම (www.americanplastics.lk) උසස් ප්‍රමිතිවලට අනුගත වෙමින් පුළුල් පරාසයක විහිදුණු ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිපදවයි. ප්ලාස්ටික් බඳුන්, නාන කාමර සඳහා අවශ්‍ය බඳුන්, කසළ බඳුන්, රාක්ක, පිඟන්, මුළුතැන්ගෙයි උපකරණ සහ ළමුන් සඳහා අවශ්‍ය BPA අන්තර්ගත නොවන උපකරණ ඇතුළු එදිනෙදා නිවසේ භාවිතයට අවශ්‍ය දෑ ඒ අතර වේ. ඔවුන් නිපදවන නවතම ප්ලාස්ටික් ගෘහ උපකරණවලට වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇත.

ගුණාත්මකභාවයට මුල් තැන දෙන American Plastics සමාගම උසස් ප්‍රමිතියෙන් යුතු කල් පවත්නා අමුද්‍රව්‍ය භාවිත කරන අතර සෑම භාණ්ඩයක්ම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දැඩි තත්ත්ව පරීක්ෂාවලට ලක් කරයි. නිෂ්පාදන ක්‍රියාවලියට 100%ක් Virgin Food Grade අමුද්‍රව්‍ය යොදා ගනී. හෝමාගම සහ පානළුව පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලා Injection, Blow සහ Parison තාක්ෂණයෙන් යුතු නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත වේ. එම කර්මාන්තශාලා FSSC 22000, ISO 14001, HACCP සහ GMP යන තත්ත්ව සහතික ලබා ඇත. රට පුරා පිහිටි පාසල් සහ සංවිධාන රැසක් සමඟ අත් වැල් බැඳ ගෙන ඇති American Plastics සමාගම පාසල් උත්සව සහ විවිධ ප්‍රජා ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දක්වයි. කොළඹ, කුරුණෑගල සහ තවත් නගර රැසක විහිදුණු ශාඛා ජාලයක් සහිත එම සමාගම ඉදිරියේදී ශාඛා ජාලය තව දුරටත් පුළුල් කිරීමට සැළැසුම් කර ඇත. පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු නිෂ්පාදන සරල සහ ප්‍රායෝගික ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම සමාගමේ දැක්ම වේ. 2024දී පැවැත්වුණු 49 වැනි තත්ත්ව පාලන කව සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමටද American Plastics සමාගමට අවස්ථාව ලැබිණි. එම සමාගම Pinnacle 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගෘහ ප්ලාස්ටික් භාණ්ඩ නිපදවන සහ බෙදා හරින සමාගම ලෙසද සම්මාන ලැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular