Saturday, January 10, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්Business World International සම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

Business World International සම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

-

ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සහ හැකියා හඳුනා ගැනීමේ අරමුණෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති සංවිධානයකි. BWIO සම්මාන උළෙලේදී ව්‍යාපාර ආයතනවල විශිෂ්ටත්වය හඳුනා ගෙන ඒවා අගය කරන අතර ක්ෂේත්‍රයේ ඇති අභියෝග ජය ගැනීමට සහ සිය කුසලතා ලොවට පෙන්වීමට ව්‍යවසායකයන් දිරිමත් කරයි. කාණ්ඩ 59ක් යටතේ පවත්වන මෙම සම්මාන උළෙලේදී නව ව්‍යාපාර, ව්‍යාපාර ලෝකයේ දැවැන්තයන්, සමාජය වෙනස් කිරීමට දායකවන්නන්, තිරසාර සංවර්ධන උපදේශකයන් සහ විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂ දස්කම් දක්වන වෘත්තිකයන් ආදී විවිධ පිරිස් වෙත සම්මාන පිරිනමයි.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. ගෙෳරවණීය ආරාධිතයා ලෙස ලිඩියා පෝල් මහතා (ජාත්‍යන්තර සභාපති – BWIO ඕස්ට්‍රේලියාව) සහභාගි විය. විශේෂ ආරාධිත අමුත්තා වූයේ නැගෙනහිර ආණ්ඩුකාර එම්. සෙන්දිල් තොණ්ඩමන් මහතාය. ආචාර්ය ඩෙක්ස්ටර් ප්‍රනාන්දු (ආරම්භක සභාපති – BWIO ජාත්‍යන්තර අංශය), ආචාර්ය තරිදු විජේනායත (නියෝජ්‍ය සභාපති – BWIO ජාත්‍යන්තර අංශය) හා ආචාර්ය එම්. ඒ. ඒ. ජබ්බාර් (උප සභාපති – BWIO ශ්‍රී ලංකා ශාකාව), ආචාර්ය එමරිටා විජේනායක (ව්‍යාපෘති සභාපති – ලෝක අලංකාර සම්මාන සහ ජාත්‍යන්තර කාන්තා විශිෂ්ටතා සම්මාන – BWIO ඇමරිකා එක්සත් ජනපදය) යන මහත්ම මහත්මීහුද සම්මාන උළෙලට සහභාගී වූහ. සම්මාන උළෙල චන්න – උපුලි නර්තන කණ්ඩායම, ජනනාත් වරකාගොඩ හා ඇන්තනී සුරේන්ද්‍ර විසින් වර්ණවත් කරන ලදී. BWIO සම්මාන උළෙලට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ මල්ටිනැෂනල් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ටී. දර්ශනන් මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular