Sunday, January 11, 2026
Homeපුවත්ආර්ථිකDeen Brothers Imports සමාගමට Entrepreneur of the Year රන් සම්මාන දෙකක්

Deen Brothers Imports සමාගමට Entrepreneur of the Year රන් සම්මාන දෙකක්

-

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උලෙළේදී සම්මාන දෙකක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත්, පළාත් මට්ටමේ (දකුණු පළාත) මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත් දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා විහිදුණු ශක්තිමත් බෙදා හැරීමේ ජාලයකට හිමිකම් කියන Deen Brothers සමාගම ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු ලෙස පසුගිය කාලය තුළ දිනා ඇති විශ්වසනීයභාවය මේ තුළින් යළි තහවුරු වේ. එම සමාගම Oregon, Dongcheng, Briggs & Stratton, Toptul, Golden Bridge, Norton වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සන්නාම රැසක මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරයි. ඔවුන් DBL සන්නාමයෙන් වෙළෙඳපොළට නිකුත් කරන කෘෂිකාර්මික, කාර්මික, වඩු, ඉදිකිරීම් උපාංග, බල කට්ටල, විදුලි උත්පාදක යන්ත්‍ර, අමතර කොටස්, ගෘහස්ථ විදුලි උපකරණ සඳහා පිළිගත් වගකීම් සහතිකයක් මෙන්ම විශිෂ්ට පසු විකුණුම් සේවා සපයයි. සම්මාන පිළිබඳව අදහස් දක්වමින් Deen Brothers සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය එම්. එන්. එම්. නජීබ් ඩීන් මහතා මෙසේ සඳහන් කළේය. “පාරිභෝගිකයන්ට වගකීමක් සහිත උසස්ම ප්‍රමිතියෙන් යුතු උපාංග සැපයීම අපගේ දැක්මයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular