Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්DSI Tyres ශ්‍රී ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා...

DSI Tyres ශ්‍රී ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි

-

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම Online Pick Up From Dealer ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් නිවසේ සිටම ටයරය ඇණැවුම් කර තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය පහසුවෙන් සවි කර ගැනීමේ අවස්ථාව උදා වෙයි.


dsityreshops.com වෙබ් අඩවියට ගොස් තමන්ට අවශ්‍ය ටයරය Select කිරීමෙන් පසුව වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කර කුරියර් සේවාව මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගැනීමට හෝ Online Pick Up From Dealer ක්‍රමවේදය තෝරා ගෙන තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය ගෙන සවි කර ගැනීමට හැකිය. අතේ මුදල් නැති වුණත් Buy Now Pay Later පහසුකම ඔස්සේ වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ටයර් මිල දී ගැනීමට හැකි වීමද සුවිශේෂත්වයකි. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඇරැඹු Online Pick Up From Dealer ක්‍රමවේදයට ලැබෙන ඉහළ පාරිභෝගික ප්‍රතිචාර හේතුවෙන් එය දිවයින පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත කිරීමට DSI Tyres අපේක්ෂා කරයි. Online Pick Up From Dealer ක්‍රමවේදය අලෙවි නියෝජිතයන්ට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා හෙරිටන්ස් කණ්ඩලම හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. “ශ්‍රී ලාංකිකයන් වඩාත් ආදරය කරන සන්නාමයක් බවට පත් වී ඇති DSI Tyres නිරන්තරයෙන් නිෂ්පාදනවල සහ සේවාවල ගුණාත්මකභාවය වැඩි කරන්න කටයුතු කරනවා. තමන්ට අවශ්‍ය ටයරය පිළිබඳ සියලු තොරතුරු වෙබ් අඩවිය හරහා දැන ගෙන කාලය ඉතුරු කර ගැනීමට මෙන්ම පහසු ගෙවීමේ ක්‍රමයට ටයරය මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට දැන් පුළුවන්.” DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular